ශ්‍රීපාදය වඳින්න ගිය ගාල්ල ඇලෝසියස් රගර් කණ්ඩායමේ ක්‍රීඩකයන් 04කට කොවිඩ්

ලලිත් චාමින්ද සහ  කීර්ති ප්‍රනාන්දු – 

ශ්‍රිපාද වන්දනාවේ ගිය  ගාල්ල  ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ රගර් කණ්ඩායමේ ක්‍රිඩකයින් 04 දෙනෙකුට හා ක්‍රිඩකයකුගේ මවට  කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වූ බව   ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසයි.

රගර් කණ්ඩායමේ ක්‍රිඩකයින් 12 දෙනෙකු දෙමව්පියන් සමග ජනවාරි 17 වැනි දින  ශ්‍රිපා දවන්දනාවේ ගොස් ඇත. මින් ක්‍රිඩකයින් දෙදෙනෙකු හික්කඩුව ප්‍රදේශයේ හා අන් අය විවිධ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. 


පසුගිය 18 වැනි දින  මෙම පිරිස නුවරඑළිය බලාගොස්  එහි විලා එකක නතර වි සිට ඇති බවද ප්‍රදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. යලි මොවුන් ගාල්ලට පැමිණ ඇති අතර එහිදි රගර් ක්‍රිඩකයකුගේ මවට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මේ මව අතුළු පවුලේ අය මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇත. පසුව රගර් ක්‍රිඩකයාට කරනු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි ඔහුටද කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි තිබේ. පසුව හික්කඩුව ප්‍රදේශයේ පදිංචි මෙම පාසලේ රගර් කණ්ඩායමේ ක්‍රිඩකයින් දෙදෙනාට ද පි.සි.ආර් පරික්ෂණවලදි කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවි ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පි.සි.ආර් පරික්ෂණ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකොට ඇත. මෙම පාසල් රගර් ක්‍රිඩකයින් 04 දෙනා කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ සිට අම්බලන්ගොඩ පොල්වත්ත කොවිඩ් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකරණ බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version