ශ්‍රි ලංකාව මරණ තුනක් මැද පැණි කන හැටි ගැන බැසිල් කතාකරයි

• ආර්ථිකය දරුණුම අර්බුදයක
• කොවිඩ් නිසා බිලියන 1600ක රාජ්‍ය ආදායමක් අහිමි වෙලා
• වාහන නොගෙන්වන නිසා රේගු ආදායම සියයට 80ක් වැටිලා!
• කඩ වහන නිසා වැට් ආදායම සියයට 75ක් 80ක් නෑ
• බාර් වැහෙන නිසා සුරා බද්දත් නෑ !
• පුළුවන් තරම් වියදම් අඩු කරන්න

 

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වසංගතය නිසා සමස්ත ශ්‍රි ලංකාවත් රටක් ලෙස ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නට සිදුවීමත් විදේශ විනිමය අර්බුදය දරුණු තත්ත්වයකට පත්වීමත් දේශීය මුල්‍යය අතිනුත් විශාල අර්බුදයක් පැවතීමත් නිසා ශ්‍රි ලංකාව රටක් ලෙස මෙන්ම සමස්ත ජාතියම මරණ තුනක් මැද පැණි කන තත්ත්වයකට පත්ව ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහකා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය. මුදල් සම්බන්ධ පනත් දෙකකට අදාළ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කළ කොවිඩ් වසංගතය අමාත්‍යවරයා මේ හේතුවෙන් රටට ලැබිය යුතු ආදායමින් රුපියල් බිලියන 1600ක් පමණ මේ වසර තුළ පමණක් අහිමි ව ඇතැයි සඳහන් කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අද රටේ ආර්ථිකය අති අමාරු අවස්ථාවක පවතින්නේ. මේ ප්‍රශ්නය තනියෙන් විසඳන්න හෝ දේශපාලන වාසි ගන්න විපක්ෂයට දොස් කියන්න සූදානම් නෑ. නමුත් රටේ ආදායම අබිභවා වියදම ඉහළ ගිහින්. අපි දන්නවා රටට ලැබෙන ආදායම. විශේෂයෙන්ම රටේ වියදම එක්ක බැලුවොත් ආදායම ඉතා අඩු මට්ටමක තියෙන්නේ .
වියදම අඩු කරන්න පුළුවන් හැම අවස්ථාවකම ඒ දේ කරන්න. හේතුව ලැබිය යුතු ආදායම අඩුවෙලා තිබෙනවා. විශේෂයෙන් කොවිඩ් වසංගය කාලය තුළ මේ වර්ෂය තුළ බිලියන 1500ක් 1600ක් ලැබිය යුතු තක්සේරු ගත ආදායම අඩුවෙලා. මුදල් අමාත්‍යංශය යටතේ ඇති ආයතන තුනකින් එනම් රේගුව දේශීය ආදායම් සහ සුරා බදු දෙපාර්තමේන්තුවේ ආදායම් අඩුවෙලා. රේගුවට ආදායම් එන්නේ මෙරටට ගෙන්වන භාණ්ඩවලින්. එයිනුත් වාහන ආනයනයෙන් තමයි වැඩිම ආදායමක් ආවේ. වාහන ගෙන්වීම වසර එක හමාරක් නෑ. විදේශ විනිමය අපහසුතාව නිසා රේගුවේ ලැබෙන ආදායම වෙන කවරදාකටත් වැඩිය අඩුවෙලා. සුරාබදු ආදායම ඔබ දන්නවා සුරා බදු විකිණීම ලොක්ඩවුන් නැති වෙලාවට පමණයි. ඒ කාලය සුරා බදු ආදායම අඩුවෙලා. සංචාරක ව්‍යාපාරය අඩුවෙලා ඒ අදායමත් අඩුවෙනවා.
හරි වුණත් වැරදි වුණත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩිම ආදායම ලැබෙන්නේ සෘජු බදුවලට වඩා වැට් වැනි වක්‍ර බදු මගින්. ලොක් ඩවුන් කළාම රටේ වෙළෙඳ සැල් අලෙවි සැල් වැහෙනවා. එවිට වැට් ආදායමක් එන්නේ නෑ. ඉලක්ක කළ ආදායම ලොක් ඩවුන් කළාම එදාට කඩ වැහෙනවා. වැට් එක අපට එන්නේ නෑ දිනකට සියයට 75ක 80 ආදායමක් අඩුවෙනවා.
නමුත් අපිට වියදම් වැඩිවෙලා තිබෙනවා. රටේ ජනතාවට ගෙන්වපු කොවිඩ් එන්නත්වලින් සියයට 80ක්ම ගත්තේ සල්ලි වලට. ඒ සඳහා වගේම විවිධ වර්ගයේ බෙහෙත් ඔක්සිජන් භාවිතය දෙගුණයකින් වැඩි වුණා. මේ වසංගතය නිසා අපේ වියදම වැඩිවෙලා තිබෙනවා.
යයි සඳහන් කළේය.

Exit mobile version