ශ්‍රිලනිපයෙන් තීන්දුවක් ! – පළාත් සභාවට තනිවම එයි

පසුගිය මැතිවරණවලට පෙර ඇතිකරගත් එකඟතා කඩ කරමින් ආණ්ඩුව දක්වන කුඩම්මාගේ සැලකිල්ල නිසා පොදුජන පෙරමුණ සමග ඇතිවන සන්ධානයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගෙන ඇත.

ඒ අනුව එළැඹෙන පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි පක්ෂයක් ලෙස තරඟ වදින බව එහි ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට අදාල කටයුතු මේ වන විට ආරම්භ ආරම්භ කර තිබෙන බවත් එම තීරණයට පක්ෂයේ පසුපෙළින් වැඩි ප්‍රසාදයක් පළවී පළ වී තිබෙන බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.


පසුගිය මහමැතිවරණයේ දී පොදුජන මැතිවරණයේ දී පොදුජන පෙරමුණ සමග ඇති කරගත් එකඟතාවයට අනුව එම මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට අවස්ථාව නොලැබුන බවත් එලෙස අවස්ථාව ලැබුණේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පක්ෂයේ මන්ත්‍රීවරු සංඛ්‍යාව අවම වශයෙන් 25 දක්වා පමණ වැඩි කර ගැනීමට අවස්ථාව තිබූ බවත් ඔහු පැවසීය.

මැතිවරණයට පෙර එකඟ වූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු ලෙස නම් කර තිබූ අයගේ නම් කපා හැර පොදුජන පෙරමුණට අවශ්‍ය ආකාරයට එම නාමලේඛනය නම් කිරීම සිදු කර තිබෙන බවත් සංවර්ධන කටයුතු සඳහා ප්‍රාදේශීය මට්ටමින් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේ දී ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුඩම්මාගේ සැලකිල්ල දක්වා ඇති බවත් තවදුරටත් සන්ධානය සමඟ සිටීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැති බවත් එම ප්‍රකාශකයා පැවසීය.

උද්ගතව ඇති තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් ආණ්ඩුවෙන් ඉවත් වනවාදැයි ලංකාසර කළ විමසීමට පිළිතුරු දුන් එම ප්‍රකාශකයා කියා සිටියේ මේ වන තෙක් ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධව තීරණයක් ගෙන නොමැති බවයි.

මෙවැනි පසුබිමක තවදුරටත් සන්ධානයේ රැඳී සිටීමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යටිතලය ප්‍රාදේශීය මට්ටමින් සිටින අපේක්ෂකයින් හා ක්‍රියාකාරිකයින් වෙනත් දේශපාලන බලවේග සඳහා එකතුවීම බවත් එය වලක්වා ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කළ බව සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සන්ධානයෙන් ඉවත් වීම අද හෙට සිදුනොවුණත් ඉදිරි පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එය සිදුවන බව බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version