ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද  ඉන්දීය කාන්තා කණ්ඩායම සමග ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් සටනට…

ආසියානු ක්‍රීඩා උළෙලේ බලාපොරොත්තු සහගත තරගයක් අද ශ්‍රී ලංකා වේලාවේන පෙරවරු 11.30ට  චීනයේ හැන්ග්ෂු හි දී ආරම්භ වීමට නියමිතය.

චමරී අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ  කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් අද (25) ඉන්දියාව සමග තරග කරන්නේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසෙන්නේ ඊයේ කඩුළු 06කින්  පකිස්ථාන කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමිනි.

ඊයේ (24) තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම  නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී   ලකුණු 75ක් ලබා ගත්තේය.


සමස්ථයක් ලෙස ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ මුල සිටම තරගය පාලනය කළහ.    උදේෂිකා ප්‍රබෝධිනී කඩුලු 3ක් සහ කවීෂා දිල්හාරි කඩුලු 2ක් බිඳහෙළීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 76ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 16යි පන්දු 03ක් තුළ කඩුලු 04ක් දැවී ජයග්‍රහණය වාර්තා කළහ.

 

Exit mobile version