ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ  ලෝක කුසලානය සොයා පිටත් වෙති…

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන 2022 විස්සයි , විස්ස ක්‍රිකට් ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද ( 02)  අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව  ගියේය.

ක්‍රීඩකයන් 17 දෙනෙකු සහ ප්‍රධාන  පුහුණුකරු , සහාය පුහුණුකරුවන් , කළමනාකරු , වේග පන්දු පුහුණුකරු , දඟ පන්දු පුහුණුකරු , භෞතචිකිත්සක සහ වෛද්‍යවරුන්  ඇතුළත් නිලධාරීන් 12 දෙනෙක්  එම කණ්ඩායමට ඇතුළත් වී සිටියහ.

ඔවුන් අද (02) දින අලුයම 03.30 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් පළමුවෙන්ම ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන් අනතුරුව   ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායි සිට    ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත ළගා වීමට නියමිතය .


Exit mobile version