ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි බස්නාහිර පළාත් ක්‍රිකට් ලේකම්ට බැන තර්ජනය කරලා… ක්‍රිකට් ලේකම් පොලිසි යයි!

Shammi

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් තමන්ට බැණ තර්ජනය කළ බවට බස්නාහිර පළාත් ක්‍රිකට් ලේකම් අනුර වීරසිංහ විසින් මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් කර තිබේ.

කලුතර පී.සී.සී. ක්‍රීඩා සමාජයට දේශීය අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලිවල ලැබිය යුතු උසස් වීම ලබා නොදුන් බව කියමින් එම ක්‍රීඩා සමාජය ක්‍රිකට් ආයතනයට එරෙහිව උසාවි යාමේ සිද්ධියක් මීට හේතු වී ඇතැයි වාර්තා වේ.

අනුර වීරසිංහ කලුතර පී.සී.සී ක්‍රීඩා සමාජයේ හිටපු සභාපති වරයාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ෂම්මි සිල්වා විසින් අනුර වීරසිංහට මෙම තර්ජනය කර ඇත්තේ ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්දගේ ජංගම දුරකථනය ඔස්සේ බව අනුර වීරසිංහගේ පැමිණිල්ලේ සඳහන් වේ


Exit mobile version