ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලියේ ජයග්‍රහණයත් ශ්‍රී ලංකා කණඩායම සතු විය. 

විශේෂත්වය වන්නේ මෙම තීරණාත්මක තරගයේ දී කණ්ඩායම් දෙකම පන්දු ඕවර 50ක් ක්‍රීඩා නොකිරීමය.  ඉනිම දේකම කණ්ඩායම් දෙක ක්‍රීඩා කර තිබුණේ පන්දු ඕවර 48යි පන්දු 2කි. ඇෆගනිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 22.2ක දී සියල්ලෝ ලකුණු 116කට දැවි ගියහ.   ලකුණු 116ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු  ඕවර 16ක් තුළ දී එක් කඩුල්ලක් දැවී ලකුණු 120ක් ලබාගෙන තරගය නිමා කළේය.

මේ තරගයේ දී ඇෆ්ගනිස්ථානය හැම අතින්ම පරාදය.

ඇෆ්ගන් පන්දු යවන්නන්ට කිිසිම ඉඩක් නොතබමින්  ආරම්භක පිතිකරුවන් දෙපළ වූ දිමුත් කරුණාරත්න සහ පැතුම් නිශ්ශංක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළහ. දෙදෙනාම අර්ධ ශතක ලැබූහ. පැතුම් ලකුණු 51ක් ලැබුවේය. එහු පන්දු 34ක දී හතරේ පහර  08ක් හා හයේ පහර 02ක් එල්ල කළේය.


10වැනි පන්දු ඕවරයේ  පළමු පන්දුවේ දී ඔහු දැවී යන විට ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 84කි.

අනතුරුව දිමුත් කරුණාරත්නට එක් වූ කුසල් මෙන්ඩිස් තරගය නිමා කළහ. දිමුත් සිය ස්ථාවර රිද්මය අනු දකිමින් පන්දු 45ක තුළ ලකුණු 56ක් ලැබුවේය. හතරේ පහර 7ක් ඊට ඇතුළත් විය.

කුසල් මෙන්ඩිස් පන්දු 17ක දී එක් හතරේ පහරක් සමග ලකුණු 11ක් ලැබුවේය.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ලබා ගත් එකම කඩුල්ල දවා ගත්තේ ගුල්බදින් නබී විසිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරතවෙමින් යළි පිවිසි දුෂ්මන්ත චමීර ලකුණු 63කට කඩුළු 04 ක් ලැබුවේය. සම්මානයට පාත්‍රවිය යුතු පන්දු යැවීමක් දක්වමින් යළිත් සිය වික්‍රමයන් පෙන්වූ වනිදු හසරංග පන්දු ඕවර 4.2ක් තුළ ලකුණු 07කට කඩුළු 03කි.

ලහිරු කුමාර පන්දු ඕවර 5ක් යවා ලකුණු 29කට කඩුළු 2ක්, මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 04ක් යවා ලකුණු 16කට කඩුල්ලක් ලැබුවේය.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ මොහොමඩ් නබීය. ඔහු ලකුනු 23කි. ගුල්බාදින් නබී ලකුණු 20ක්, ඊබ්‍රහීම් සද්‍රාන් ලකුනු 22ක් ලැබීය. අනෙක් කිසිවෙක් ලකුණු 15ක සීමාවට පැමිණියේ නැත. පිතිකරුවන් 05ක් දැවී ගියේ ලකුණු 10කට අඩුවෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තරගයේ වීරයා ලකුණු  63කට කඩුළු 04ක් ලැබූ දුෂ්මන්ත චමීරය. විශේෂත්වය වන්නේ එක් තරගයක් මගහැරී තරගාවලියට එක් වූ දුෂ්මන්ත තරගාවලියේත් වීරයා වීමය.

Exit mobile version