ශ්‍රී ලංකාවට බංගලාදේශ රජයෙන් ඩොලර් පනස් අට දාහක ඖෂධ පරිත්‍යාගයක්… තවත් ඩොලර් මිලියනයක ඖෂධ ආධාර ඉදිරියේ දී!

ශ්‍රියානි විජේසිංහ –                                     

පූර්වයේ ඇති වූ එකඟතාවය ප්‍රකාරව ඇමරිකානු ඩොලර් 58000ක් වටිනා ඖෂධ තොගයක්  ඉදිරි සතිය තුළදී  පරිත්‍යාගයක් ලෙස බංග්ලාදේශ රජය විසින් ශ්‍රී ලංකා රජයට පිරිනමනු ඇත.

මෙම ඖෂධ තොගය අතර අත්‍යවශ්‍ය ඖෂධ 54ක් තිබෙන බවත් මේ අතර පිළිකා සහ වකුගඩු රෝගීන්ට අවශ්‍ය ඖෂධද තිබෙන බවත් වාර්තාවේ.

මෙම ඖෂධ තොගයට අමතරව බංග්ලාදේශ් රජය ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා තවත් ඖෂධ තොගයක් ආධාරයක් ලෙස මෙරටට ලැබීමට නියමිත බව බංග්ලාදේශ් මහකොමසාරිස්වරයා සඳහන් කරයි.

ශ්‍රි ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ඖෂධ තොගය කඩිනමින් ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ   බංග්ලාදේශ් රජය විශේෂ ස්තූතිය පිරිනමන ලදි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට පවතින ඖෂධ හිඟයට පිළියමක් ලෙස බංග්ලාදේශ් රජය සමග දිගුකාලීන වැඩ පිළිවෙලක අවශ්‍යතාව පිලිබඳ ඇමතිවරයා  මෙහිදී අවධාරණය කළේය.

Exit mobile version