ශ්‍රි ලංකාවේ 10,000කට රැකියා දෙන්න මැලේසියානු කැබිනට් මණ්ඩලයෙන් තීරණයක් !

 

ශ්‍රී ලංකිකයන් දස දහසකට රැකියා අවස්ථා ලබා දීමට මැලේසියානු  කැබිනට් මණ්ඩලය එකඟ වී ඇති බව එරට මානව සම්පත් අමාත්‍ය  එම් සරවනන් මහතා පවසයි.

එරට සන්ඩේලි පුවත් පත වාර්තා කරන ආකාරයට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීමට සහය වීමට රජය ගත් එක් ප්‍රයත්නයක් බව අමාත්‍යවරයා  පවසා ඇත. .

“අදාළ අංශවල පුරප්පාඩු පිරවීම සඳහා මෙම ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් බඳවා ගැනීමෙන් රජයේ අභිප්‍රායයන්ට සහාය වන ලෙස මම සේවා යෝජකයින්ගෙන් සහ ව්‍යාපාරවලින් ඉල්ලා සිටිමි,” සරවනන් අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බඳවා ගැනීමට උනන්දුවක් දක්වන සේවා යෝජකයන්ට අමාත්‍යාංශයේ සංක්‍රමණික සේවක කළමනාකරණ මධ්‍යස්ථානයට  සහ ශ්‍රම බලකායේ වෙන්  වැඩි විස්තර ලබා ගත හැකි බවද ඔහු සඳහන් කර ඇත.

Exit mobile version