ශල්‍ය උපකරණ විෂබීජහරණ දියර නෑ… යළිත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කම් ඇනහිටින ප්‍රශ්නයක්!

ශ්‍රියානි විජේසිංහ –                                               

රිජ්යේ ආර්යා ළමා රෝහලට “PeraSafe” විෂබීජ නාශක දියර අවශ්‍ය බැවින් එය ලබා දිමට හැකි පරිත්‍යාගශීලියෙක් වෙතොත් වහාම ඉදිරිපත්  වන්නැයි   රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සන්තුෂ් සේනාපති  ඉල්ලීමක් කරයි.                  

PeraSafe නැමැති විෂබීජනාශක රසායනිකය ශල්‍ය උපකරණ විෂබීජ හරණය  සඳහා භාවිතා කරනු ලබයි. එම විෂබීජ නාශක දියරය    නොමැති වීමෙන්    කැමරා භාවිත කරමින් සිදුකරන පරික්ෂණයන් සහ සැත්කම් මුළුමනින්ම නතර කිරිමේ අවදානමක් මතුව ඇතැයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේය.

“එන්ඩොස් කොපි”  සහ “ලැපරස්කොපි” සැත්කම් සිදුකරන ශල්‍ය උපකරණ ජීවානුහරණය කිරිම සඳහා භාවිත කරන PeraSafe ර සායනිකය මේ වන විට නොමැති වීම හේතුවෙන් මෙම අවදානම මතුව ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පෙන්වාදේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇතැම් අවස්ථාවන් වලදී දරුවන්ට මෙම සැත්කම් ඉතා  ඉක්මනින් සිදුකළ යුතුව තිබෙන බැවින් මෙම ශල්‍ය උපකරණ  ජීවානුහරණය කර තිබිය යුතුව ඇත. එසේ නොකිරීමෙන් ඇතැම් අවස්ථාවල දැනටමත්  සැත්කම් පමාවන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ආරංචි මාර්ග හෙළි කරයි.


 

Exit mobile version