වෛද්‍ය පර්යේෂණ ආයතනයේ රසායනාගාර වෘත්තිකයින්ට නියමිත දිනට පඩි නෑ…

නතාෂා නෙත්මිණි                                                                                         

වෛද්‍ය පර්යේෂණායතනයේ රසායනාගාර වෘත්තිකයින්ගේ අද (25) දිනට ලැබිය යුතු වැටුප ලැබී  නොමැති බව  රසායනාගාර විද්‍වත් වෘත්තිකයන්ගේ සංගමය සදහන් කරයි.

මේ වන  විට වැටුප් ලේඛණයන් සකස් කළ යුතු වුවද එය සකස් කිරිමට පරිපාලන නිලධාරීයා කටයුතු කර නොමැති බව සංගමයේ සභාපති රවී කුමුදේශ්  සඳහන් කරයි.

අවදානම දරාගනිමින් වෙහෙස වි කොවිඩ්  රෝගීන්ගේ පීසීආර් පරික්ෂණ සිදුකරන රසායනාගාර වෘත්තිකයන්ගේ මාසික වැටුප මෙසේ නියමිත දිනට ගෙවීමට කටයුතු නොකිරීම බරපතල තත්ත්වයක් බව පෙන්වා දෙන කුමුදේශ් වැඩිදුරටත් සඳහන් කරනුයේ රජයේ ආයතනයන් හී සිදුකරන පීසීආර් පරික්ෂණයන් අඩපණ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේද යන්න සැකයක් මතුවන බවය.


කොවිඩ් වසංගතය දරුණු ලෙස පැතිර යන අවස්ථාවන් වල එය මර්දනය කිරීමට කැපවීමෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මේ අයුරින් කටයුතු කිරීම බරපතල සැකයක් මතු කරන්නක් බවද හෙතෙම පෙන්වාදේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර කරාපිටිය රෝහලේ සහ ගුවන්තොටුපල රසායනාගාරයන් හී සේවයේ නියුතු රසායනාගාරශිල්පීන්ට මාස 3ක කාලයක සිට අතිකාල ගෙවා නොමැති බවද කුමුදේශ් මහතා සදහන් කරයි.

Exit mobile version