වෛද්‍යවරු හැර දිවයිනේ සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල අද දහවල් උද්ඝෝෂණයක…

Nurses-strike

දිවයින පුරා සියලුම රෝහල්වල වෛද්‍යවරුන් හැර සෙසු කාර්ය මණ්ඩල අද (22) දහවල් 11:30 සිට රෝහල් ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතය.

සැප්තැම්බර් මාසයේ සිට නතර කර දමා ඇති රුපියල් 7,500 ක අනතුරු දීමනාව නැවත ලබා දෙන ලෙසත්, විශේෂ අවදානම් නිවාඩු නැවත ලබා දෙන ලෙසත්, බලහත්කාර හෙද පරිපාලනය නතර කිරීම හෝ ඉවත් කිරීම වහා සිදු කරන ලෙසත්, නිරෝධායන ක්‍රමවේද නිරවුල් ලෙස පවත්වාගෙන යන ලෙසත්, අතිකාල කප්පාදුව ඇතුළු සෙසු සේවක වරප්‍රසාද කප්පාදු කිරීම නතර කර දමන ලෙසත් ඉල්ලමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළ බව වෘත්තිය සමිති නායකයෝ පවසති.

දිවයින පුරා වෘත්තිය සමිති හතළිස් හතක් (47) නියෝජනය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙම උද්ඝෝෂණය සඳහා සහභාගි වීමට නියමිතය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද (22) දින මෙම ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදුනහොත් නැවත 27 වැනි සදුදා දින දවස පුරා සංකේත වැඩ වර්ජනයක නියැලීමට කටයුතු කර ඇති බව ද වෘත්තිය සමිති නායකයෝ පවසති.

Exit mobile version