වෙළෙඳ ඇමති බන්දුලටත් කොවිඩ්…

වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධනට කොවිඩ්ට ආසාදිතව ඇති බව වාර්තා වේ.

ඔහු ඊයේ ජනපති ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වූ කොවිඩ් මර්ධන විශේෂ කමිටුවටත් සහභාගී වී සිට ඇත.

අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ කීප දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග අමාත්‍යවරයා කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින් පසු ඔහුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත.


ඇමතිවරයා ස්වකීය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය සතියක කාලයක් තුළ  (2021.08.20)  සටි මේ දක්වා  තමන් සමග රාජකාරි  ඉටුකළ රජයේ නිලධාරීන්,  හිතවතුන් ඇතුළු සියලු දෙනාට ස්වයං නිරෝධායනයට ලක් වන ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට මුහුණ දී ඇති ව්‍යසනකාරී තත්වය හමුවේ තමන්ගේත්, රටේත්, මහ ජනතාවගේත් ආරක්ෂාව පිණිස මෙම නිරෝධායනයට ලක් වීම සැමගේ වගකීම බවත් ඇමතිවරයා දන්වා ඇත.

Exit mobile version