එළඹෙන උත්සව සමය වෙනුවෙන් සතොස හරහා ජනතාවට ලබා දීමට නියමිත සහන පැකේජය අද (18) පෙරවරුවේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා හදුන්වා දුන්නේය.
මෙම සහන පැකේජය තුල රුපියල් 1988ක් වටිනා භාණ්ඩ 10ක් අන්තර්ගතය.
සුපිරි සම්බා කිලෝ 10
ග්රෑම් 400 නූඩ්ලස් පැකට් 0්1
දුඹුරු සීනි කිලෝ 2යි
හාල්මැස්සන් ග්රෑම් 200යි.
තේකොළ ග්රෑම් 100යි
ලූණු ග්රෑම් 400යි
සුවද සබන් කැට 1යි
රෙදි සෝදන සබන් කැට 1යි
ඇල්ලී පපඩම් පැකට් 1යි
1998 දුරකථන අංකය ට අමතා Whatsapp අංකයට කෙටි පණිවිඩයක් ඔස්සේ හෝ නැතහොත් සතොස වෙබ් අඩවිය හරහාද මෙම භාණ්ඩ මල්ල මිලදී ගත හැකි බව ඇමතිවරයා කියයි.
එහිද සදුදා දිනයේ සිට මෙම භාණ්ඩ මල්ල නිවසටම ගෙන්වා ගත හැකි බව ද ඇමතිවරයා සදහන් කරයි.