වෙළෙඳසල් හිමිකරුවෙකුගේ ගෙලට උල් පිහියක්  තබා මරණ තර්ජනය කර මුදල් කොල්ල කෑමට ගිය යාපනයේ සරසවි සිසුවෙක් අත් අඩංගුවට…

දිනසේන රතුගමගේ –

යාපනයේ කෝපායි වෙළද සැලකට ඇතුළු වී උල්පිහියක් ගෙළට තබා වෙළද සැලේ හිමිකරුට මරණීය තර්ජන එල්ල කර මුදල් කොල්ලකෑමට තැත් කළ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුවෙක‍් ඊයේ (29)   කෝපායී පොලීසිය  විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ  යාපනය විශ්ව විද්‍යාලයේ  විද්‍යා අංශයේ දෙවන වසරේ ඉගෙන ගන්නා සිසුවෙකි.   වෙළද සැල් හිමියා පොලීසියට කරණ ලද පැමිණිල්ලක් මත පොලිස් විමර්ශන ආරම්භ කළ කෝපායී පොලීසියේ නිලධාරීන් සැකකරුව අත් අඩංගුවට ගෙන තිබේ.

සිසුවා විසින් වෙළද  සැලේ හිමිකරුට තර්ජනය කිරීමට යොදා ගත් පිහියද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

නීතියේ හැටියට එම උල් පිහිය පුද්ගලයෙකුට මිනිසුන් ගැවසෙන ස්ථානයක භාවිත කිරීම තහනම් කොට ඇති උල් පිහියක් බවද පොලීසිය පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිසුවාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව ඔහු වරද පිළිගෙන ඇති අතර ඔහුව යාපනය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට යාපනය කෝපායී පොලීසිය පියවර ගෙන ඇත.

Exit mobile version