වෙසක්කූඩු හදන්න තහංචි දැමූ යාපන නගරසභාවට එරෙහිව පරීක්ෂණයක්!

දිනසේන රතුගමගේ –

යාපනයේ නාග විහාරය අසල පිහිටි ආරියකුලම්  වැව ආශ්‍රිතව වෙසක් කූඩුවක් ඉදිකිරීමට යුද හමුදාව කළ ඉල්ලීම යාපනය මහ නගර සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ආන්ඩුකාරවරයා  ඊයේ (17 ) දා පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

ආණ්ඩුකාරවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කොට අත්තේ එම ඉදිකිරීම් ස්ථිර ඉදිකිරීම් නොවන නිසා ඊට යාපනය මහ නගර සභාවට අවසරයක් ලබා දීමට හැකි බවයි.

යාපනය මහ නගර සභාව අදාල ස්ථානයේ වෙසක් කූඩුවක් ඉදිකිරීමට  යුද හමුදාවට අවසර ලබා නොදීමෙන් පසුව ආණ්ඩුකාරවරයා නාග විහාරයත් මහා මාර්ගයත් අතර  භූමියේ කොටසක් වෙසක් පහන් කූඩු තැනීම සදහා ලබා දී තිබේ.


ආණ්ඩුකාරවරයා විසින් ගත් මෙම තීරණයටද යාපනය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු පිරිසක් විරෝධය පල කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් යාපනයේ සිටින යුද හමුදාව කවරෙකුටවත් පැමිණිලි කොට නොමැති නමුත් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

Exit mobile version