වෙනස් වන පෞද්ගලික අංශ කාර්‍යාල වේලාව ගැන මැසිවිලි

පෞද්ගලික හා රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාවන් සංශෝධනයට කිරීමට රජය තීරණය කිරීමත් සමග පෞද්ගලික කාර්‍යාල වෙලාවන් පිළිබඳ සමාජය තුළ තරමක මැසිවිලි නඟන තත්ත්වයක් ලංකාසරට වාර්තා වේ.

රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 09.00 සිට පස්වරු 4.45 දක්වාත්, පුද්ගලික අංශයේ කාර්යාල පෙරවරු 09.45 සිට පස්වරු 06.45 දක්වාත් සංශෝධනය කිරීමට දැනට නිර්දේශ කර ඇත.

පස්වරු 6.45ට පෞද්ගලික සේවා අවසන් කිරීම වඩාත් අහිතකර ලෙස බලපානු ලබන්නේ කන්තාවන්ට ය. සැන්දෑ යාමයෙ සේවා අවසන් කරන කාන්තාවන් දුර බැහැර සිට සේවයට යන්නේ නම් එය තවදුරටත් බැරෑරුම් තත්ත්වයක් මතුකරන්නේ නිවසට යද්දී රෑ බෝ වන නිසයි.


එමෙන්ම මෙම පෞද්ගලික අංශ කාලවේලාව දරුවන් සිටින මාපියන්ට ද අසීරු කාලසටයනක් වනු ඇත. ඔවුන් නිවසට ගොස් දවසේ ඉතුරු මෙහෙවර නිවසේදී කළයුත්තේ ඊළඟ දවසට ද දරුවන් ද තමන් ද සූදානම් වෙමිනි. මෙහිදී දරුවන්ගේ පාසල් ගෙදර වැඩ කරන්නට වෙන්නේ ද රාත්‍රියේ ය. ඇතැම්විට අත්වැඩ හෝ වෙළෙඳපොළ තුළ සොයායන්නට වෙන දෑ ආදිය සූදානම් කරගන්නට රාත්‍රියේ හැකියාවක් නැත.

එමෙන්ම දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යොමුකරන දරුවන් සිටින මාපියන්ට ද මෙය ගැටලුවකි. බොහෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන සවස 6න් සිය සේවාව අවසන් කරන අතර ඉන්පසුව සෑම පැය බාගයකටම අධික මිල ගණන් එක් කරයි. එය ද ජීවිතය අමාරුවෙන් ගැටගසා ගන්නා මාපියන්ට ගෙනදෙන්නේ තවත් පීඩනයකි.

ඊයේ මෙම පුවත සැලවීමත් සමග බොහෝ පෞද්ගලික සේවකයන් තුළ දැඩි කතාබහකට මෙය තුඩු දී තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම හා මාර්ග තදබදය වළක්වා ගැනීම හා රාජ්‍ය හා පුද්ගලික සේවය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අරමුණු ඇතිව මෙම වේලාවන් සංශෝධනය විය.

ජනාධිපතිවරයා විසින් දී ඇති උපදෙස් පරිදි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඒ සම්බන්ධව නිර්දේශ ඇතුළත් වාර්තාවක් සැකසීම සඳහා අතිරේක ලේකම් තිලකරත්න බණ්ඩා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබීය.

එම කමිටුව විසින් පුද්ගලික හා රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කිරීම හා අවසන් කිරීම සම්බන්ධව දැනට පවතින වේලාවන් සංශෝධනය කිරීම සඳහා සකස් කළ වාර්තාව ඊයේ දින (30) පෙරවරුවේ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි සෙනවිරත්න මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නිර්දේශ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත හා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇත.

Exit mobile version