වෙනත් බන්ධනාගාරයකට මාරු කරන්න… යාපනයේ බන්ධනාගාරයේ රැඳවියෙක් බන්ධනාගාරයේ වහළය මත නැගී විරෝධයක…

දිනසේන රතුගමගේ –

යාපනය බන්ධනාගාරයෙන් තමන්ව වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙස ඉල්ලමින් මාතර ප්‍රදේශයේ පදිංචිකරුවකු යාපනය බන්ධනාගාරයේ වහලයක් මතට නැගී  ඊයේ (27) දා සිට විරෝධතාවයක් දියත් කොට තිබේ.

මාතර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි   ගෙවල් බිඳීම් ඇතුළු අපරාධ රැසකට වරදකරු වීම හේතුවෙන් 2040 වර්ෂය දක්වා සිරදඬුවම් නියම වී ඇති එම සැකකරු මීට පෙර කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටි අයෙකු බව  බන්ධනාගාර දෙපාර්තමේන්තුව කීවේය.

විනය හේතූන් මත අදාළ රැඳවියා යාපනය බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් ඔහුට යාපනය බන්ධනාගාරය තුළ සිටිය නොහැකි බව කියමින්  විරෝධතාවයක් දියත් කොට ඇති අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය බන්ධනාගාරයේ පාලන අධිකාරිය බන්ධනාගාර කොමසාරිස් කාර්යාලයට දැනුම් දීමක් කොට ඇත.


Exit mobile version