කාන්තාවකගේ අසැබි ඡායාරූප සමාජගත කළ සරසවි සිසුවිය අත්අඩංගුවට.

මාතර – සම්පත් –

නිරුවත් ඡායාරූප වට්ස්ඇප් මැසෙන්ජර් හරහා තවත් පාර්ශවයකට යැවීම සහ නිරුවත් අසැබි දර්ශන සමාජගත කිරීමේ චෝදනාව මත සරසවි ශිෂ්‍යාවක් තිහගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදු කරයි.

මේ වනවිට පොලිස් පරිගණක අපරාධ නිරික්ෂණ ⁣ඒකකය විසින් සිදුකළ විමර්ශනවලින් පසු අනවරණය වූ සිද්ධිය මෙසේය.

සැකකාර සරසවි ශිෂ්‍යාවගේ සොහොයුරා වයස අවුරුදු හතලිස් එකක්වූ දික්කසාද කාන්තාවක් සමඟ ඇසුරක් පවත්වා තිබේ. එම  ඇසුර අතරතුර මෙම සරසවි සිසුවියගේ සහෝදරයා විසින් ලිංගික හැසිරීම් අවස්ථා තම ජංගම දුරකතනයෙන් ඡායාරූප ගෙන තිබේ. මෙම ඡායාරූප යම් අවස්ථාවක සරසවි සිසුවිය දැක ඇති අතර පසුව මෙම තරුණයා විසින් ජංගම දුරකතනයෙන් එම දර්මශන කා ඉවත්කර ඇත.


එහෙත් සරසවි සිසුවිය මෙම ඡායාරූප Recovery කර නැවත ලබා ගැනීමට සමත් වී තිබේ. ඉන් අනතුරුව තම සහෝදරයා සමඟ අනියම් ඇසුර පැවැත්වූ දික්කසාද කාන්තාවගේ පුතුණුවන් විවාහ වීමට සිටි තරුණියගේ ජංගම දුරකතනයට මෙම අසැබි පිංතූර වට්ස්ඇප් මගින් යවා ඇත.

මේ හේතුවෙන් එම කාන්තාවගේ පුතාගේ විවාහයට සිටි සහකාරිය දැඩිලෙස කලකිරී මෙම විවාහයට අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ ඊට හේතු සොයා තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ තම මවගේ අසැබි දර්ශන පෙම්වතියගේ ජංගම දුරකතනයට කිසිවෙකු විසින් එවා ඇති බවය.

ඒ අනුව නිවසේ මව සහ පුතු අතර ඇතිවූ ආරවුලෙන් පසු මෙම අසැබි දර්ශන ජංගම දුරකතන හරහා කිසිවෙකු විසින් යවන බවට තංගල්ග කොට්ඨාස පරිඝණක අපරාධ ඒකකයට පැමිණිලි කර තිබේ. ඒ අනුව කළ විමර්ශනවලින් පසු මෙම සරසවි සිසුවිය සැකපිට අත්තඩංගුවට ගෙන ඇත.

ඒ වනවිටත් ජංගම දුරකථන හතරකට මෙම ඡයාරූප යවා ඇති අතර එම දුරකථන හතරද පොලිස්භාරයට ගෙන තිබේ. සැකකර සරසවි ශිෂ්‍යාව අද (13) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ජේ.සිල්වාගේ උපදෙස් මත මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත්,තිහගොඩ පොලීසියේ ස්ථානාධිපති යූ.එම්.අමරසිරි ඇතුළු නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ සිදුකරයි.

Exit mobile version