වෙඩි තැබීමක් නිසා ඇෆ්ගන් පාකිස්ථාන දේශසීමා වල විරසකයක්

Gun Shoot

ඇෆ්ගනිස්ථානයේ සහ පාකිස්ථානයේ දේශ සීමාවෙන් හී දොරටු විවෘත කිරීම තවදුරටත් කල් දමා ඇති බවට අනාවරණය වේ.වාර්තා වන අන්දමට ඉකුත් ඉරිදා එම දොරටුව අසලදී සන්නද්ධ පිරිසක් විසින් වෙඩි තැබීමක් හේතුවෙන් පාකිස්තාන සෙබලකු මරණට පත්වී ඇති අතර මේ සම්බන්ධයෙන් තලේබාන් පරිලනයේ නියෝජිතයින් පිරිසක් පාකිස්ථන ආරක්ෂක අංශ නිලධාරීන් සමඟ සාකච්චාවක් පවත්වා ඇති අතර එහිදී ඔවුන් පාකිස්ථානයට සිය කණගාටුව පළකර තිබිණි.

පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරන අන්දමට තලේබාන් සංවිධානය සහ පාකිස්ථාන බලධාරීන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කළද එහි ප්‍රගතියක් මේවන තෙක් වාර්තා වී නොමැත. මෙම තත්ත්වය අනුව දෙරටේ දේශසීමා සම්බන්ධවන දොරටුව තවදුරටක් වසා ඇතිබවට අනාවරණය වේ.

මෙම තත්ත්වය හමුවේ පාකිස්තාන සෙබලාට වෙඩි තැබීම කළ පුද්ගලයා භාරදෙනු තුරු දේශ සීමා විවෘත කිරීම සිදු නොකරනු ඇති බවට පාකිස්ථානය පවසා ඇති බවටද වාර්තාවේ.


ඇෆ්ගනිස්ථානයට අත්‍යාවශ්‍යම මිතුරකු වන්නේ පාකිස්ථානයයි. එහිදී එරට අවශ්‍ය සියලුම සැපයුම් පාකිස්ථානය හරහා සිදුවන අතර මෙම තත්ත්වය හමුවේ ඇෆ්ගනිස්ථානයට දැඩි බලපෑමක් එල්ල විය හැකිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉකුත් වසරේ තලේබාන් සංවිධානය බලයට පත්වීමත් සමඟ ඇෆ්ගනිස්ථාන සහ ජාත්‍යන්තරය අතර පැවති සම්බන්ධතා සම්පූර්ණයෙන්ම කඩා වැටුනු අතර එම තත්ත්වය හමුවේ ඔවුන්ට අසල්වැසි රාජ්‍යන්ත ඉතා වැදගත් සාධකයක් බවට පත්ව තිබේ.

Exit mobile version