රාජ්‍ය අමාත්‍ය එස් වියාලේන්ද්‍රන් මහතාගේ මඩකලපුවේ නිවස ඉදිරිපිට දී අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් වැලි ටිපර් රථ රියදුරකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මඩකලපුව සින්නවූර්නි ප්‍රදේශයේදී අද සවස 5:10 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි හෙතෙම කීය.
එම නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට වාර්තා වන්නේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මීට දින කිහිපයකට පෙර වැලි ටිපර් රථ රියැදුරකු සමඟ කතාබහක් ඇතිවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අද දිනයේ වැලි ටිපර් රථ රියදුරා ත්‍රී රෝද රථයකින් ගමන් කරන අවස්ථාවේදී පොලිස් නිලධාරියා විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් හෙතෙම කීය.
මියගිය තැනැත්තාගේ මෘත ශරීරය මඩකලපුව රෝහලෙහි තබා ඇති අතර අදාළ පොලිස් නිලධාරියා ඔහුගේ ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි ද අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම සිද්ධිය වන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ නිවසේ සිට නොමැති බවට වාර්තා වී ඇත.
මඩකලපුව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත මේ පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකරන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කීය.