වෘත්තීය අධ්‍යාපන කොමිසම ප්‍රතික්ෂේප කරද්දීත් ඇමති ඩලස් හිස්බුල්ලාගේ මඩකලපු සරසවියට අනුමැතිය දීලා

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මහත් ආන්දෝලනයට ලක් වූ මඩකලපුව ශාරියා විශ්ව විද්‍යාලයට වෘත්තීය පුහුණු ආයතනයක් ලෙසවත් ලියාපදිංචි කිරීමට සුදුසු තත්ත්වයේ නොපවතින බැවින් එවකට වෘත්තීය අධ්‍යාපන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කළද එවකට තරුණ කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යවරවයා ලෙස කටයුතු කළ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එම විරෝධතා පිළිබඳව සැලකිල්ලක් නොදක්වා එයට අනුමැතිය ලබා දී ඇති බව අනාවරණය වේ.

අමාත්‍යවරයා මෙසේ තමන්ට ඇති බලතල ප්‍රකාර ව අනුව 2013 වසරේ මැයි 02 වැනිදා බැටිකලො කැම්පස් යන ආයතනයට මෙසේ අනුමතිය ලබා දී ඇති බව පසුගියදා මේ පිළිඳව විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද විගණන වාර්තාවකින් අනාවරණය වෙයි.

විගණන දෙපාර්තමේනතුව විසින් සකස් කරන ලද විශේෂ විගණන වාර්තාවක් මේ වනවිට විගණකාධිපති ඩබ්ලිව් පී.සී වික්‍රමරත්න මහතා විසින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත යොමු කොට ඇති අතර එයින් විගණකාධිපතිවරයා නීතිපතිවරයාගෙනේ ඉල්ලා සිටින්නේ මෙම මඩකලපුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් මහවැලි සංවර්ධන අධිකාරිය සහ ලංකා බැංකුවේ නිලධාරින් විසින් වැරදි පිළිවෙත් අනුගමනය කොට ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් අදාළ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙසත් ය.


මෙම විගණන වාර්තාවේ විශේෂ කරුණු රැසක් සඳහන් වන අතර එහිදී විගණකාධිපතිවරයා මතු කරන ඇති තවත් කරුණක් වන්නේ වෘත්තීය පුහුණු ආයතනයක් ලෙස ක්‍රියාක්මක කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා නැති මෙම ආයතනය ට අමාත්‍ය අනුමැතිය ලැබීමත් එයින් පසුව 2014 වසරේදී තාක්ෂණ සරසවියේ උපකුලපතිවරයා, තරුණ කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය සහ මඩතලපුව විශ්ව විදයාලය අයත් වන හීරා පදනම අතර ත්‍රෛයිපාර්ශ්වීය ගිවිසුමක් ලෙස තුන් අවුරුදු අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද අමාත්‍යංශය මැදිහත් වී ඇති බවය.

එක් සිසුවකුගෙන් රුපියල් 216000ක මුදලක් අයකරන බවට වූ සඳහන හේතුවෙන් මේ අවබෝධතා ගිවිසුම සඳහා අමාත්‍යංශ ලේකම්වරයාද තමඅනුමැතිය ලබා දී නොමැති බවව එම විගණන වාර්තාවේදී අනාවරණය වී තිබේ.

එසේම හිටපු අමාත්‍යවරයකු සහ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා මහතාගේ නායකත්වය යටතේ පිහිටුවා ඇති හීරා පදනම නම් ආයතනය සමාජ සේවා අයාකනයක් ලෙස ලියාපදිංචි කොට ඇති අතර එම ආයතනය සඳහා මහවැලි ඉඩම් අක්කර 35ක් බද්දට ගැනීමේදී සහ ලංකා බැංකුවේ ගිණුම් ආරම්භ කිරීමේදී ක්‍රියා කර ඇත්තේ නීත්‍යනුකූලව නොවන බවද සඳහන් කොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම හීරා පදනමට පුද්ගලයන් දෙදෙනකු විසින් අවස්ථා 15කදී රුපියල් මිලියන 313ක මුදලක් ලැබී ඇති බවත් එම මුදල් පිළිබඳව කිසිදු නියාමනයක් සිදුව නොමැති බවද විගණන වාර්තා මින් අනාවරණය කොට තිබේ.

Exit mobile version