වී කුරුණියට අලි මරණ තිරිසනුන් මැද වගාවෙන් අඩක් වන අලින්ට වෙන් කළ බෝසත් මිනිසා..

අලි මංකඩවල වගා කර වගාබිම් වලට එන වන අලින් දස ව දී  මරා දමන තිරිසන් මිනිසුන් අතර තමන් අස්වැද්දූ වගාවෙන් කොටසක්  වන අලින්ට වෙන් කළ ආදරණීය මනුස්සයෙක් ගැන  අලි මිනිස් ගැටුම ගැන ප්‍රකට ගල්ගමුව ඇහැටුවැව අතරගල්ල ප්‍රදේශයෙන් ඇසේ. මේ අපූරු මනුස්සයා   අඹන්පොල ග්‍රාම නිලධාරී K.P. සපුකුමාරය.

කාබනික වගාවක් සඳහා ලැබුණු බිමෙහි  අක්කර විස්සක  තල යායක් අස්වද්දා ඒ අවට අතුරු භෝග වගාවක් කර ඒ භෝග වන අලින් වෙනුවෙන් වෙන් කරදීමට මේ සද් ගුණවත් මනුෂ්‍යයා කටයුතු කර ඇත.

Elephant
බවභෝග දානය පිළිගන්න ආපු අලි ඇත්තු…

මෙම වගා බිම පිහිටා තිබෙන්නේ පාළුකඩවල වැවට යාබද නාකොලගනේ පුරාණ රජමහා විහාරය ට අයත් කඳුබොඩ ප්‍රදේශයේ ය.


වසර තිහකට (30) පෙර වගාව අතහැර දමා තිබූ මෙම භූමිය මෙවර මාස් කන්නයේ අස්වද්දනු ලැබූයේ ග්‍රාම නිලධාරී සපු කුමාර  විසිනි. තල ප්‍රධාන භෝග වගාව ලෙසත්, අතුරුභෝග ලෙස කැකිරි, වට්ටක්කා, පිපිඥ්ඥා, මඤ්ඤොක්කා, ආදියත් මෙවර වගා කෙරිණි.

ප්‍රධාන භෝගය වූ තල කපා ගැනීමෙන් අනතුරුව අතුරු භෝග වගාව අවට සැරි සරන අලින් වෙනුවෙන් දානයක් සේ පූද දෙන්නට ඔහු තීරණය කළේය. ඒ අනුව අසුරා තිබූ වැට කඩොලු ඉවත් කර අලින්ට භෝග වගාවට ඇතුළු වීමට  ඉඩ දෙන ලදී.

වැටඩොළු හැර භව බෝග අලි ඇතුන්ට දුන් පසු…

 

වගාවන්ට හානි කිරීම නිසා හක්ක පටස් තබා අලින් ට හිංසා කරන මෙවන් කාල වකවානුවක මේ ක්‍රියාව පිළිබඳව ප්‍රදේශවාසීහු පුදුමයට මෙන්ම අපමණ සතුටට පත් වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සතුට…..

Exit mobile version