විස පොල්තෙල් වෙළෙඳපලට නිකුත් වී නෑ… පාරිභෝගික කටයුතු අධිකාරිය කියයි

අනියත බියක් ඇති කරගන්න එපා... ගබඩාවල තෙල් තොගයම තියනවා....

පිළිකා කාරක සහිත බව තහවුරු වූ ප්‍රශ්නගත පොල් තෙල් තොගයේ කිසිම ප්‍රමාණයක් වෙළෙඳපොලට නිකුත් වී නැති බවත්, ඊයේ (25)  පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කළ පරීක්ෂාවක දී එම තෙල් තොගයේ නියමිත ප්‍රමාණයම අදාල සමාගමේ ගබඩාවල තිබෙන ආකාරය තහවුරු වූ   බවත්  පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ, පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්‍ෂ අසේල බණ්ඩාර පැවසීය.

ඔහු පවසන්නේ මේ සම්බන්ධව පාරිභෝගිකයන් අනියත බියක් ඇතිකරගත යුතු නැති බවය.

වැඩිදුරටත් මාධ්‍යයට අදහස් දැක්වූ අසේල බණ්ඩාර මෙසේ  ද කීවේය.


“ලංකාවට පොල් තෙල් එන ක්‍රම දෙකක් තියනවා. ඍජුව  පරිභෝජනය කළ හැකි ආකාරයේ පොල් තෙල්  සහ පරිපහදු කර ගත යුතු පොල් තෙල් විදිහට. ෆාම් ඔයිල් එන්නෙත් මේ ආකාරයමට තමයි.

මේ කියන කාරණාවේ දී ගැටලුවක් මතු වෙලා තියෙන්නේ  පිරිපහදු නොකළ පොල් තෙල් ගෙන්වලා පිරිපහදු කර වෙළෙඳපලට දැමීමේ  සිදුවීමක දි.

සාමාන්‍යයෙන් මෙවැනි තෙල් තොගයක්  ලංකාවට ආවට පස්සේ ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශයෙන් හා ප්‍රමිති ආයතනයෙන් සාම්පල් ලබා ගන්නවා. සාම්පල් ලබාගෙන  පරීක්ෂා කරලා ඒ වාර්තා ආවට පස්සේ තමයි මේවා වළෙඳපලට නිකුත් කරන්න අවසර දෙන්නෙ.  මේ තෙල් තොගයේ ඇල්ෆාටොක්සීන් තියන බව තවුරු වුනාට පස්සේ ඒවා පිරිපහදු කරන්න පෙර ප්‍රති අපනයනය කරන්න කියලා නිර්දේශ කලා.

දැනට ඇතිවෙලා තියෙන්නෙ මේ තෙල් ප්‍රතිඅපනයනය කරන්න කියලා දැනුම් දීමේ දි ඇතිවෙලා තියන ගැටලුව.     පසුගිය දවස්වල මාධ්‍යවලට ගියෙ මේවා වෙළෙඳපලට නිකුත් වෙලා කියලා.  ඒත් සිද්ධ වුණේ  මේ තෙල් තොගය   මේ අයගෙ ගබඩාවලට   ගිය එක.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෙළඳපලට ගියාද නැද්ද කියලා පාරිභෝගික අධිකාරියේ අපේ නිලධාරීන් පරීක්ෂා කරලා බැලුවා.  එම විෂ තෙල් ඒ අයගෙ ගබඩාවල තියනවා. ඒ නිසා ඒ සම්බන්ධව  පාරිභෝගිකයන් අනියත බියක් ඇති කරගත යුතු නෑ.“

Exit mobile version