විස්කි අරන් වතුර දෙන දෙමටගොඩ චමින්දගේ මහා ජාවාරමක් හෙළිවෙයි

විදේශවලින් ගෙන්වා ශ්‍රි ලංකාව හරහා ප්‍රතිඅපනයනය කරන ජොනි වෝකර් විස්කි ඇතුළු විදේශීය මත්පැන් ශ්‍රි ලංකාව තුළදී ඉවත් කර ඒ වෙනුවට ජලය පිරවූ කන්ටේනර් අපනයනය කිරීමේ මහා පරිමාණ ජාවාරමක් වැටලීමට පොලිස් විශේෂ විමර්ෂණ ඒකකය සමත් වී තිබේ.

දැනට දුම්බර බන්ධනාගාරයේ රැඳවියකු ලෙස සිටින දෙමටගොඩ චමින්ද නැමති මත් කුඩු ජාවාරම් සහ පාතාල සාමාජිකයා විසින් මෙම දැවැන්ත ජාවාරම මෙහෙවන බවට මූලික තොරකුරු ලැබී ඇති අතර එයට ශ්‍රි ලංකා රේගුවේ නිලධාරීන් කිහිප දෙනකුගේද සහය ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම ඊට සහය දුන් රේගු පරීක්ෂකවරයකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට සම්බන්ධ සෙසු පුද්ගලයන් මේ වනවිට පොලිසියෙන් සඟව ඇති බව වාර්තා වේ.


සිංගප්පූරුව, මැලේසියාව සහ කොරියාවේ සිට මෙම විදේශීය මත්පැන් ගෙන්වා ඇත්තේ ඒවා මෙරට හරහා ප්‍රතිඅපනයනය කිරීම සඳහා බව සඳහන් කරමිනි.

මෙම මත්පැන් විදේශවල සිට සීදුවේ ග්ලෝබල් ටර්මිනල් කන්ටේනර් අංගනය වෙත ගෙන එන අතර ඒවා ප්‍රතිඅපනයනය කෙරෙන්නේ ඒස් කන්ටේනර් අංගනය හරහාය.

මෙම ප්‍රතිඅපනයන කාර්යය සඳහා මෙරටට ගෙන එන කිසිදු භාණ්ඩයක් මෙරට තුළ විකිණීමට අවසර නොලැබෙන අතර මේවා කන්ටේනර් අංගන අතර සහ යළි නෞකාව දක්වා ප්‍රවාහනය කරන තෙක් රේගු නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය මත සිදුවිය යුතුවේ.

එවැනි පසුබිමක් පැවතියද මෙම මත්පැන් කන්ටේනර් අංගන දෙක අතර ප්‍රවාහනයේ දී පෑලියගොඩ ප්‍රදේශයේ එක් ස්ථානයකදී එම බහලුවල සීල් කඩා මත්පැන් බෝතල් ඉවත් කොට ඒ වෙනුවට පානීය ජල බෝතල් මාලදිවයින කරා පැටවීම සිදුව තිබේ. කිසිදු බදු ගෙවීමකින් තොරව මෙරටට ගෙන්වන විදේශීය මත්පැන් මෙරටට ගෙන්වීම සඳහා “බ්ලැක් ලේබල් “වර්ගයේ විස්කි බෝතලයකට වැය වී ඇත්තේ රුපියල් 2040ක් පමණක් බව විමර්ශණවලදී හෙළි කරගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව කිසිදු ආකාරයක බදු ලෙවීමකට ලක් නොවී දේශීය වෙළෙඳපොලට පැමිණෙන මෙම මත්පැන් ජාවාරම මෙහෙයවන්නන් අධික ලෙස ලාබ උපයාගෙන ඇති බවට පොලිසිය විසින් අනාවරණය කර ගෙන ඇත

Exit mobile version