ශ්‍රියානි විජේසිංහ –
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ 8 වාට්ටුවේ සේවයට වාර්තා නොකරන වෛද්‍යවරු තිදෙනාගේ වැටුප් නතර කරන බව රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය ප්‍රකාශ කළේය.
මෙම වෛද්‍යවරුන් තිදෙනාගේ වැටුප් නතර කරන බවට ලිඛිතව දන්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (10) ලිපියක් යොමු කළ බව ද ඔහු පැවසුවේය.
ජූනි මස 21 වැනිදා සිට දින 20 ක කාලයක් මෙම වෛද්‍යවරුන් රෝහලේ සේවයට වාර්තා කර නොමැති බවත් එවැනි නිලධාරීන් පිරිසකට රජයේ වැටුප් ගෙවීම සිදු කළ නොහැකි බවත් රෝහල් අධ්යක්ෂවරයා කීය.
රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරියක් සැර පරුෂ ලෙස හැසිරෙන බවට ප්‍රකාශ කරමින් මෙම වෛද්‍යවරුන් රෝහලේ සේවයට වාර්තා කර නොමැත.
මෙම ගැටලුව වසරකට අධික කාලයක සිට පැවතියත්, සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා තිබුණත් මෙතෙක් මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දී නොමැති බවට වාර්තා වේ.
මෙම තත්ත්වය තුළ වාට්ටුවට රෝගී දරුවන් ඇතුළත් කර ගැනීම ද සීමා කර ඇති බවට වාර්තා වේ.