විශ්‍රාමික හමුදා සෙබලුන් රුසියාවට ගෙනගොස් බලහත්කාර හමුදා සේවයේ යෙදවීමේ ජාවාරමේ මහ මොළකරු ඉන්දීය නීතිඥයෙක්… දයාසිරි පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි….

Dayasiri

ඉන්දියානු නීතිඥයෙකුගේ  මූලිකත්වය සහිතව දේශීය තැරැව්කරුවන් යොදවා ශ්‍රී ලංකාවේ විශ්‍රාමික හමුදා නිලධාරීන් හමුදා සහායක සේවයට ගෙන්වාගෙන ඔවුන් බලහත්කාරයෙන් යුද සේවයේ යොදවන ජාවාරම සම්බන්ධව වහාම පාර්ලිමේන්තු‍වේ අවධානය යොමු කරන්නැයි  පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු කීවේ එසේ බලහත්කාරයෙන් හමුදා සේවයේ යෙදවූ විශ්‍රාමික හමුදා පුද්ගලයින් දෙදෙනෙක් යුද ටැංකියක් තුළ ජීවිතක්ෂයට පත් වී ඇති බවත්, කුසන්ත ගුණසිංහ නැමැති තවත් විශ්‍රාමික හමුදා සෙබලෙක් පිළිබඳ කිසිම තොරතුරක් නැති බවත්ය.

“මේ ජාවාරම තුළ අපේ අය අරන් යන්නේ කෑම් හෙල්පස්ර්ස්ලා විදිහට. නමුත් අරන් ගිහින් ඔවුන් යුද්ධයට පාවිච්චි කරනවා. පාවිච්චි කරලා ගිය සතිය වනවිට කුසන්ත ගුණසිංහ කියන පුද්ගලයාව අරන් ගිහින් ඔහු සහ තවත් දෙන්නෙක් දානවා යුද ටැංකියක් ඇතුළට.  ඒ ටැංකිය පිපිරිලා දෙන්නෙක් මැරෙනවා. මේ පුද්ගලයා යුද ටැංකියෙන් පැනලා එළියට එනවා. අද වනතුරු මේ පුද්ගලයා අතුරුදහන්.

මේ ඉරණම අත් වෙන්නේ අපේ හමුදාවෙ හිටිය හොඳ සෙබලුන්ට. මේ වගේ විශාල පිරිසක් ඉන්නවා.  කුසන්ත ගුණසිංහ ඉන්නවා කියලා ආරංචිය ආවේ ඩොනෙට්ස්වල    කඳවුරු අංකය PL/Y41698NO3 කියන තැන.


“මේක ක්‍රියාත්මක කරන්නේ ඉන්දියාවේ   නීතිඥයෙක්. එයාගෙ සහෝදරයා වෛද්‍යවරයෙක්. ඔවුන් මේ විදිහට විශාල පිරිසක් යුද්ධයට අරන් ගිහින් තියනවා. “

“මේ අයගෙන් ලක්ෂ 18ක් අරන් තියනවා. අපිට තියන ප්‍රධාන ප්‍රශ්නය හමුදාවේ අපේ නිලධාරින් රුසියානු හමුදාවට  සහ යුක්රේන හමුදාවට බැදිළා බෙදිලා ගහගන්නවා.”

සිද්ධියයට සම්බන්ධ ජවාරම් කරුවන් කවුද, ශ්‍රී ලාංකිකයන් කී දෙනෙක් මේ ආකාරයෙන් රැගෙන ගොස් ඇතිද?, අප සොයා බැලිය යුතුයි. මේ වනවිට ලැබෙන තොරතුරු අනුව විශ්‍රමික මේජර් වරයෙක් සහ තවත් පුද්ගලයෙක් අත් අඩංගුවට අරන් තියනවා මේ ජාවාරමේ තරැව්කාර වැඩේ කළාට. මේ සම්බන්ධව ආණ්ඩුව ගන්න පියවර කුමක් ද?” දයාසිරි ජයසේකර ඇසුවේය.

මේ විදිහට කවුද මිනිස් ජාවාරම් කරන පිරිස ගිය පිරිස, කී දෙනෙක් අරන් ගිහින් තියනව ද? කීප දෙනෙක් සොයලා අත් අඩංගුවට අරන් තියනව.ා මේජර් විජයබන්ඩාර, සරත් හුනුකුඹුර. අත් අඩංගුවට අරන් තියනවා.

මේ සිද්ධ වෙන කාරණාව තුළ හමුදාවේ විශාල පිරිසක් යනවා. විශ්‍රාමික හමුදා නිලධාරීන්. ආණ්ඩුව මේ සම්බන්ධව ගන්න පියවර කුමක් ද?.  දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඇසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අවස්ථාවේ දී අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පැවසුවේ රැකියා ඒජන්සි මුවාවෙන් ජාවාරම් කරුවන් කීප දෙනෙක් රැසියාවට සහ යුක්රේනයට රැගෙන ගොස් ඔවුන් වෙනත් රැකියා වෙනුවට බලහත්කාර හමුදා සේවයේ යොදවන බවට තොරතුරු ලැබී තිබෙන බවය.  ඒ සම්බන්ධව දැනටමත් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ඇමතිවරයා පැවසුවේය.

Exit mobile version