විශ්‍රාමික පොලිස් ලොක්කෙකුට අයත් වව්නියාවේ ලැගුම්හලක ගණිකා මඩමක්…

දිනසේන රතුගමගේ –

විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයෙක් විසින් වවුනියාවේ පවත්වා ගෙන ගිය ලැගුම්හලක් වටලා ගණිකා සේවයේ නිරතව සිටි කාන්තාවන් හතර දෙනෙකු හා තවත් පුද්ගලයෙකු වවුනියාව පොලිසිය විසින් ඊයේ (5)  අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම ලැගුම්හලට  කාන්තාවන් පිරිසක් පැමිණ ගණිකා වෘත්තියේ නියැලෙන බවට ප්‍රදේශවාසීන්ගෙන් පොලීසියට ලැබුණු තොරතුරක් මත   මේ පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් කාන්තාවන් හතර දෙනා වයස අවුරුදු 22 හා 33 අතර වයසේ පසුවන අතර පිරිමි පුද්ගලාය එම ලැගුම්හලේ කළමනාකාරවරයා වෙයි.

අත් අඩංගුවට ගත් පස් දෙනා වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා වවුනියාව මහ රෝහල වෙත රැගෙන ගොස් ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වවුනියාව පොලීසිය  ඔවුන්ව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද පියවර ගෙන තිබේ.

Exit mobile version