නිල ඇඳුම් රහිත පොලිස් නිලධාරීන් කිසිදු දැනුම්දීමක් හෝ හැදුනුම්පත් පෙන්වීමකින් තොරව උද්ඝෝෂණවලට සහභාගී වූ ගුරුවරුන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විවිධ පොලිස් ස්ථානවලින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රඳවා ගැනීම පිළිබඳ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
ඒ පිළිබඳ තමන් සොයා බලන බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා පිළිතුුරු දෙමින් පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ඇතැම් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙනතිබුණේ සුදු වෑන්වලින් පැමිණි සුදු පැහැ ටී ෂර්ට් ඇඳගෙන ආ පුද්ගලයන් බවට ද එහිදී අනුර කුමාර මන්ත්‍රීවරයා කීය.
නීතිය ක්‍රියාත්මක කරන්නේ මෙලෙස දැයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.
අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් වරාය පොලිසියට ගෙන යාමට හේතුව විශේෂත්වය කුමක්ද යන්න ද පිළිබඳවද ඔහු ප්‍රශ්න කළේය.