වියත් මගේ ප්‍රබල ඇමතිනියක් නිසා නිරෝධායන මධ්‍යස්ථානයක් අකුලා ගනී..

හේතුව ගෙට ලඟ වැඩියිලු...

කොරෝනා සැක සහිත අයවලුන් නිරෝධානය කිරීම සඳහා තෝරාගත් පාසලක්  තමන්ගේ නිවස ආසන්නයේ ඇති බැවින් එම ස්ථානය කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස සකස් කිරීම එරෙහිව බලපෑම් කළ වියත්මගේ ප්‍රබල සාමාජිකාවක් වූ ඇමතිවරියක් නිසා එම පාසල අත්හැරීමට සිදු වූබව හමුදා ආරංචි මාර්ග හෙළි කරයි.

මෙසේ කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස තෝරාගැනීමේ දී බලපෑමට ලක්ව තිබුණේ බත්තරමුල්ල, තලංගම උතුර කොස්වත්ත ශ්‍රී සුබෝධි කණිෂ්ඨ විද්‍යාලය බව පැවසේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආරක්ෂක අංශ මෙම පාසල නිරෝධායන මධ්‍යස්ථානයක් සේ සකස් කිරීම සඳහා අවශ්‍ය මූලික ඉදිකිරීම් කටයුතු  ඇරඹීමත් සමග මේ විරෝධය මතු වු නිසා එම පාසල අත් හැර වෙනත් ස්ථාන සොයා යෑමට කටයුතු කළ බව උක්ත ආරංචි මාර්ග සඳහන් කරයි.


 

Exit mobile version