විමල්ගේ කුරුඳු දුම්වැටි කෙළියෙන් WHO අරමුදල් අත්හිටුවන අවදානමක්..

කර්මාන්ත ඇමැති විමල් වීරවංශ විසින් පසුගියදා සිදුකළ කුරුඳු දුම්වැටි ප්‍රවර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය සඳහා ලබාදෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් අත්හිටුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශීය වෘත්තීය නිලධාරී තිරුපති සුවීන්ද්‍රන් ප්‍රකාශ කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ සම්මුතිය (FCTC) යටතේ ක්‍රියාත්මක 2030 දක්වා වූ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා රජයේ වසර 04ක් තිස්සේ ආධාර ලැබී ඇතැයි ද ඇමතිවරයා මෙම දුම්වැටි ප්‍රවර්ධනයේ යෙදෙන්නේ  එම ආධාර තවත් වසරක දුම්කොළ පාලන වැඩපිළිවෙළ වෙනුවෙන් දීර්ඝ කර ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‘‘ශ්‍රී ලංකාව මීට පෙර දුම්කොළ පාලන අධ්‍යයනයන් හේතුවෙන් ලෝකයට ආදර්ශයක් සැපයුවා. නමුත් මේ නීතිවිරෝධි දුම්වැටි නිසා එම තත්ත්වය වෙනස් වෙනවා.’’ යැයි හෙතෙම සඳහන් කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරයා මේ බව සඳහන් කරන ලද්දේ පෙරේදා (24 වැනිදා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


Exit mobile version