විපක්ෂ නායක අද නීතීඥ සංගමය හමුවෙයි !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස   අද (08) ශ්‍රි ලංකා නීතීඥ සංගමය සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය .

පවතින තත්ත්වය මත වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට නියමිත ව පවතින අතර එයින් පසුව පිහිටුවීමට යෝජිත අන්තර් කාලීන රජය සම්බන්ධයෙන් නීතීඥ සංගමය සමඟ විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජනබලවේග කණ්ඩායම සාකච්ඡා කිරීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට ශ්‍රි ලංකා නිතීඥ සංගමය එම ආණ්ඩුවේ යාන්ත්‍රණයට අදාළ කෙටුම්පතක් සහිත යෝජනාවලියක් සම්පාදනය කර ඇති අතර 20 වැනි සංශෝධනය අහෝසි කිරීම 19 වැනි ව්‍යවස්ථාවේ ස්වාධීන කොමිෂන් සභා යළි ස්ථාපනය කිරීම ඇතුළු යෝජනා ගණනාවක් ඒ තුළ ඉදිරිපත් කර ඇත.


එසේම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමද ඇතුළු පියවර සහිත උපරිම කාලය මාස 18ක් වන රජයක් සම්බන්ධයෙන් එහිදී යෝජනා වී ඇති අතර මහ මැතිවරණයක් පැවැත්වීමද මෙම යෝජනා අතර වෙයි.

එම යෝජනාවලියේ කරුණු නව ආණඩුව පිහිටුවීමේදී පදනම් කර ගැනීම පිළිබඳව ඊයේ පැවති සමගි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායමේ දී තීරණය වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සාකච්ඡාවට විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනකුද නීතීඥ සංගම් සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ඇතුළු නීති ප්‍රවීණයින් කිහිප දෙනකුද සහභාගී වීමට නියමිතය.

Exit mobile version