විනිසුරුවරුන්ගෙන් බදු අයකිරීමට එරෙහි තහනම් නියෝගය දීර්ඝ කෙරේ!

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය ලබන 16 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබාදී ඇත.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙරණ –

Exit mobile version