මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් රට නියෝජනය කිරීමේදී ඉලක්කයක් නොමැතිව සෙල්ලම් කිරීම හෝ විනය විරෝධීව කරන ක්‍රියාවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙරට තුළ ක්‍රිකට් යළි ගොඩනැංවීමේදී රට නියෝජනය කිරීම සඳහා තරුණ තරුණියන්ට අවශ්‍ය අවස්ථාවන් සහ කාලය ලබාදිය හැකි බවයි.
නමුත් ඔවුන් එම අවස්ථාවන් හා කාලය භාවිත කරමින් සිදුකරන විනය විරෝධී ක්‍රියා කිසිසේත් නොඉවසිය යුතු බව ද ඔහු අවධාරණය කර සිටී.
අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කර ඇත්තේ හෙට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය සඳහා සහභාගි වීමට එංගලන්තයට ගිය මෙරට ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක කොවිඩ් වෙනුවෙන් ක්‍රියාත්මක වූ ජෛව බුබුළ සීමාව බිඳ දමා රාත්‍රියේ වීදි සරමින් දුම්වැටි භාවිත කරන ආකාරය දැක්වෙන ආන්දෝලනාත්මක වීඩියෝපටය හේතුවෙන් ඔවුන් වහාම යළි කැඳවා ඇති පසුබිමක ය.