විදේශ අමාත්‍යාංශයේ තනතුරු 98ක් වෙනුවෙන් සමීපතමයින් පත් කරගන්න දේශපාලන පොරයක්… සුසිල් –  එස්.බී ඒ අතර…

විදේශ තානාපති කාර්යාල 55ක සහ විදේශ අමාත්‍යාංශය  තුළ පරපුපාඩු වී පවතින සමස්ථ  තනතුරු 98ක් වෙනුවෙන් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත, හිටපු අමාත්‍ය එස්.බී දිසානායක ඇතුළු අණ්ඩුපක්ෂයේ දේශපාන ප්‍රබලයින්ගේ සමීප ඥාතීන් පත් කරන ලෙස විදේශ  කටයුතු අමාත්‍යාංශයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

ඩේලි මිරර් වාර්තා කරන ආකාරයට මෙම පත්වීම් සඳහා එස්.බී දිසානායක තමන්ගේ පුතා ද, අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත තමන්ගේ කිට්ටුම ඥාතියෙක් ද , තවත් දේශපාලකයින් රැසක් තම තමන්ගේ සමීපතමයින් ද පත් කරන ලෙස විදේශ අමාත්‍යාංශයට බලපෑම් එල්ල කර තිබේ.

මේ වනවිට විදේශ සේවයේ  තනතුර සඳහා අනුමත  කාර්ය මණ්ඩයලය 264කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන් 166ක් තනතුරු පූරණ වී ඇති අතර ඉතිරි 98 වෙනුවෙන් මෙම දේශපාලන සටන ඇරඹී ඇත.


 

Exit mobile version