විදේශිකයන්ට සීමා…වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 15% විදෙස් රටවලින් පැමිණි අය…

සමන්තිකා වීරවර්ධන –                                              

ලොවපුරා කොවිඩ් තුන්වන රැල්ලක් පැතිර යන බැවින් විදේශයන් හී සිට මෙරටට පැමිණෙන පිරිස සීමා කිරීමට කටයුතු කිරිමට ඉදිරියේදී සිදුවනු ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර  සදහන් කරයි‍.

මේ අතර විදේශයන් හි සිට පැමිණෙන පිරිස නිරෝධායන ක්‍රියාවලිය දැඩිකිරිමට ද සිදුවනු ඇතැයි අධ්‍යක්ෂවරයා පැවසිය.

අප්‍රේල් මස ගත වූදින කීපය තුලදී කොවිඩ් 19 ආසාදිතයින් 3480ක් අතරින් 538 දෙනෙකු විදේශයන් හී සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී හඳුනාගත් පුද්ගලයින්ය. ඔවුන් මැදපෙරදිග සහ යුරෝපයේ සිට මෙරටට පැමිණි අය යැයිද හෙතෙම පෙන්වාදේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම වසංගත රෝග විද්‍යා අංශය පෙන්වාදෙන්නේ 2021 වසරේ ගත වූ මාස කීපය තුළදී මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 52710 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 1593ක් විදේශයන් හී සිට පැමිණි පුද්ගලයින් බවය.

Exit mobile version