බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදෙස් රැකියා පෙන්නා කෝටි ගණන් වංචාකළ අපරාධකරුවෙක් අත් අඩංගුවට…

by editor
ජනවාරි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

විදේශ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ පුද්ගලයෙකු තළාතුඔය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින්   සැකපිට අත්අඩංගුවට ගෙන ඇත

ඉතාලියේ හා රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් දිවයිනේ ප්‍රදේශ රැසක තරුණ තරුණියන් රවටා සැකකරු විසින් රුපියල් ලක්ෂ ගණනින් තම ගිණුමට මුදල් ගෙන්වා ගන්නා බවට චෝදනා එල්ල වීමෙන් පසු තළාතුඔය පොලිසිය කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මේ ජාවාරම්කරුවා පෙරේදා (21)  කොටුකරගෙන තිබේ.

රාජ්‍ය බැංකුවක ඔහුගේ නමින් ඇති ගිනුමකට අතාර්කික ලෙස මුදල් ගලා ඒමත් මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් ලක්ෂ 90ක් ගිනුම වෙත ගලා ඒමත් මුල් කරගෙන මෙම විමර්ශනය ඇරඹී තිබිණි. එහිදී පෙනී ගොස් ඇත්තේ මෙම පුද්ගලයා විවිධ නම්වලින් පෙනී සිටිමින් කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවය.

විමර්ශනය ආරම්භ කරමින් සැකකරු පදිංචිව සිටි මයිලපිටිය හත්බෑය ප්‍රදේශයේ නිවස පරීක්ෂා කිරීමේ දී රුපියල් 346480ක මුදලක් පොලීසිය සොයාගෙන තිබේ. මෙයට අමතරව විදේශ රැකියා ලබාදෙන බවට කූඨ ලෙස සකස් කරන ලද ලේඛන, රබර් මුද්‍රා, විදේශ ගමන් බලපත්‍ර, ජංගම දුරකතන දෙකක් හා රියදුරු බලපත්‍රයක්, මෝටර් රථ ලියාපංදි කිරීමේ දෙපාර්තමේන්තුව යනුවෙන් සඳහන් ව්‍යාජ ලේඛනයක් පොලීසිය භාරයට ගෙන ඇත.

හලාවත, දියතලාව ආදි ප්‍රදේශ වල ද මොහු පදිංචිව සිට ඇති අතර විවිධ නම් වලින් පෙනී සිට ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

සැකකරු කිසිදු මුදලක් ඔහු ගේ ගිණුම්වලට ගෙන්වාගෙන නොමැති අතර පැමිණිලිකරු මෙන්ම තවත් පුද්ගලයින් ගණනාවකගේ ගිණුම්වලට මොහු මුදල් ගෙන්වාගෙන ඇති බවට සැක කළහැකි තොරතුරු තිබෙන බව පොලීසිය පවසයි.

ලියාපදිංචි නොකර විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගොස් තිබෙන සැකකරු සම්බන්ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන ගණනාවකට පැමිණිලි ලැබී ඇති බව ද වාර්තා වේ.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක, පොලිස් අධිකාරි ජානකීගේ උපදෙස් මත තළාතුඔය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත අප්පුහාමි, උප පොලිස් පරීක්ෂකවරුන් වන උදයසිරි,ප්‍රියංකර, ප්‍රනාන්දු, පොලිස් සැරයන්වරුන් වන 26467 බණ්ඩාර, 33026 ජානක යන නිලධාරීන් වැටලීම සිදුකර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුම්රිය ඊ ටිකට් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙක් ඔඩිසි දුම්රියේ ආසන 68කට අදාල ඊ ටිකට් 21ක් සමග අත් අඩංගුවට..

Next Post

ඊයේ අම්බලන්තොට වෙඩි තැබීමේ සුල මුල හෙළි වෙයි!

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.