විදෙස්ගතවන පුද්ගලයින්ට ස්මාර්ට් එන්නත් කාර්ඩ් පත් නිකුත් කිරීම අරඹයි!

විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින කොවිඩ් මර්දන එන්නත ලබා ගත් පුද්ගලයන්ට ස්මාර්ට් එන්නත්කරණ කාඩ්පතක් නිකුත් කිරීමට ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය තොරතුරු පිළිබඳ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම   පැවසුවේය.

මෙම ස්මාර්ට් එන්නත්කරණ කාඩ්පත නිකුත් කරනුයේ විදෙස්ගත වන පුද්ගලයන්ට පමණක් බවත් මෙම කාඩ්පත අවශ්‍ය බවට ඉල්ලීමක් කර සතියක් තුළදී අදාළ පුද්ගලයාට එය ලබාදීම සිදු කරන බවත්  ඔහු ප්‍රකාශ කළේය. 

එන්නත්කරණයේ දී නිවැරදි දත්ත ලබාදීමක් සිදු කළ යුතු බවත් මෙම කාඩ්පත නිකුත් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ මෙරට ඉක්ටා ආයතනයේ සහාය ලැබෙන බවත් හෙතෙම පැවසීය. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ස්මාර්ට් එන්නත්කරණ කාඩ්පත ලබා ගැනීම සඳහා මේ වන විට 1000 කට වැඩි පිරිසක් අයදුම් කර ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.   

 

Exit mobile version