විදුලි බිලට කොවිඩ් සහනයක්…

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති විදුලි පාරිභෝගිකයන් සඳහා විශේෂ සහන සලසා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.

සහන සලසා දීමට අදාළව විදුලිබල  ඇමතිවරයා  හා සංචාරක ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන  මෙම සහන සැලසීමට කැබිනට් මණ්ඩලය ලැබී ඇත.

ඒ අනුව අඛණ්ඩව දින 14කට වැඩි කාලයක් හුදකලා කර ඇති ප්‍රදේශවල ගෘහස්ථ වාණිජ සහ කාර්මික විදුලි පාරිභෝගිකයන්ට එම කාල සීමාවට අදාළ විදුලි බිල්පත්  නිරවුල් කිරීම සඳහා බිල්පත් දිනයේ සිට මාස 06ක සහන කාලයක් ලබා දීමට කටයුතු කර තිබේ.    එතෙක් විදුලිය විසන්ධි කිරීම නොකිරීමට තීරණය කර ඇත.


එමෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමා ශාලාවල 2020 මාර්තු මස සිට දෙසැම්බර් දක්වා විදුලි බිල්පත්, බිල්පත් දිනයේ සිට සමාන වාරික 12කින් නිරවුල් කිරීමට  අවස්ථාව සලසා දී තිබේ.

තවද ශ්‍රී  ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නවාතැන්වලට අදාළව 2020 මාර්තු 01 දින සිට 2021 පෙබරවාරි මස 28 දක්වා එකතු වී ඇති විදුලි බිල්පත් හා ජල බිල්පත් සමාන මාසික වාරික 12කින්  නිරවුල් කිරීම සඳහා අවස්ථාව ලබා දීමට තීරණය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම විකල්ප බලශක්ති ප්‍රභවයන් හඳුන්වා දීමට ජනාධිපතිවරයා යෝජනා කළ බවත් ඊට කැබිනට් මණ්ඩලයේ විරෝධතාවයක් නොදැක්වුණු බවත් කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල පැවසීය.

Exit mobile version