විදුලි පංකාවක් කඩා වැටීමෙන් සිසුන් දෙදෙනෙක් මහනුවර රෝහලේ…

සිවිලිමේ  සවිකර තිබු විදුලි පංකාවක් කඩා වැටීමෙන්  තුවාල ලැබූ  මහනුවර – අස්ගිරිය ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු ඊයේ (22) මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.   

සිද්ධියෙන් එක් සිසුවෙකුගේ ඇසකට සහ අනෙක් සිසුවාගේ හිසට තුවාල සිදුව ඇති බව  රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ පාසල් කාලය අතරතුර මෙම සිදුවීම සිදුව ඇත. පසුගිය දින කිහිපය තුළ සිවිලිමේ විදුලි පංකාව එහි විදුලි රැහැන්වල පැටලී පැද්දෙමින් තිබුණු බවත්, දරුවන්ට ඇති අවදානම පිළිබඳව පාසල් පාලනාධිකාරිය දැනුවත් කළද විදුලි පංකාව අලුත්වැඩියා කිරීමට කිසිවකුත් කටයුතු කර නොතිබුණු බවත් දෙමව්පියෝ පවසති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම පාසලේ මාසික ගාස්තුව රුපියල් 5000 දක්වා වැඩි කර ඇති බව ද   ඡායා පිටපත් ගාස්තු පවා වැඩි කර ඇති බවද දෙමව්පියෝ වැඩිදුරටත් කියා සිටිති.


Exit mobile version