විදුලිසැර වැදී මියගිය දෙදෙනාගේ සිරුරු පැල්මඩුල්ලේ ගඟට දැමූ “ඌරු මාරයින්“ තිදෙනෙක් අත්අඩංගුවට

විකුම් වික්‍රමසිංහ:

ඌරන්ට ඇටවූ අනවසර විදුලි උගුලක පැටලී මිය ගිය පැල්මඩුල්ල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු දෙනවක ගගට දමා එම මරණ සැඟවීමට උත්සහ ගත් තිදෙනකු අද (10) අත්අඩංගුවට ගත් බව සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පැවසීය.

එම මළ සිරුරු ජලයේ පාවෙමින් තිබියදී ඉකුත් 06 වෙනිදා සොයා ගත් අතර එම පුද්ගයන් හඳුනා ගැනීමට පුදේශවාසීහු සමත් වූහ.


එසේ මිය ගොස් සිටියේ පැල්මඩුල්ල ඉහළ උඩුතුල පදිංචි බී.ඒ. ජගත් සහ බී.ඒ. සුපුන් යන එකම පවුලේ දෙදෙනෙකි.

එම මරණ සම්බන්ධයෙන් කහවත්ත රෝහලේ අධිකරණ වෛද්‍ය සිසිර දිසානායක මහතා විසින් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණවලට හේතුව විදුලි සැර වැදීමක් බව තහවුරු වීමෙන් පසුව ඊට වගකිවයුත්තන් සොයා පොලිස් විශේෂ විමර්ශණයක් ආරම්භ විය.

මාළු ඇල්ලීමට සවස් කාලයට ගග ට යන අතරේදී ඔවුන් මෙම අනවසර විදුලි උගුලේ හසුව මිය ගොස් ඇත.

පසුව ඌරන්ට විදුලි උගුල ඇටවූ පුද්ගලයින් ඒ බව දැක මළ සිරුරු ගගට ඇද දමා ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි ව වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් ලද තොරතුරු මත තිදෙනකු අත්අඩංගුවට ගත් අතර තවත් පුද්ගලටයෙන් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා සඳහන් කළේය.

Exit mobile version