විදුලිය නැති මනිපූර්හි දුෂ්කර ප්‍රදේශවලට සූර්ය ලාම්පු බෙදාහැරේ

මනිපූර් හි, විශේෂයෙන් දුරස්ථ ප්‍රදේශවල ඇති අක්‍රමවත් විදුලි සැපයුම්වලට පිලියම් වශයෙන් ෂ්නයිඩර් ඉලෙක්ට්‍රික් ඉන්දියා පදනම, සන්බර්ඩ් ට්‍රස්ට් සමඟ එක්ව ඈත ගම්මාන 12කට සීඑස්ආර් වැඩසටහෙන් දෙවන අදියර යටතේ සූර්ය ලාම්පු 950 ක් බෙදා දීමට නියමිතය.

උතුරු නැගෙනහිර ඉන්දියාව පනදම් කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘සන්බර්ඩ් ට්‍රස්ට්’ ‘අධ්‍යාපනය තුළින් සාමය’ යන අරමුණ පෙරදැරි කරගෙන කටයුතු කරන අතර දුෂ්කර ගම්මානවලට සූර්ය ලාම්පු බෙදා දීම පසුගිය දෙසැම්බරයේදී ආරම්භ කරන ලදී. එහි පළමු අදියර යටතේ මනිපූර්හි ‘කම්ජොන්ග්, තමෙන්ගලොන්ග් හා සෙනාපටි දිස්ත්‍රික්කවල අඩු සම්පත් සහිත නිවාසවල පුද්ගලයින් 1200කට පමණ අතේ ගෙන යා හැකි සූර්ය ලාම්පු 250ක් බෙදා හැර තිබේ.

මෙම ලාම්පු ලබා දීමෙන් පුද්ගලයින් 5000කට අධික පිරිසකට හොඳ ජීවන තත්ත්වයක් අපේක්ෂනා කළ හැකි බව නිළධාරියෙකු පවසා ඇතැයි ‘ඊ්ස්ට්මෝජෝ’ වෙබ් අඩවිය වාර්තා කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අතේ ගෙන යා හැකි සූර්ය ලාම්පු ඒවායේ කල්පැවැත්ම සහ ඉහළ දීප්තිය සහ එක් ආරෝපණයකින් පැය 36 ක් දක්වා ආලෝකය සැපයීම සඳහා ප්‍රසිද්ධය. කට්ටලය සමඟ එන කුඩා සූර්ය තහඩුවක ආධාරයෙන් ලාම්පු ආරෝපණය කර ඇත. මෙම කට්ටලයේ අතිරේක අංගයක් වන්නේ ජංගම දුරකථන ආරෝපණය කළ හැකි වීමයි.

Exit mobile version