විදුලිබල මණ්ඩලය ගැන සොයන්න කෝප් කමිටුව  විශේෂයෙන්  රැස්වීමට තීරණය  කරයි. 

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය ජනනය කිරීම්, මිලදී ගැනීම්, බෙදාහැරීම් සහ ව්‍යාපෘති පිලිබඳව සොයාබැලීමට ඉදිරි කාලය තුළදී කෝප් කමිටුව වෙනම විශේෂයෙන් රැස්වීමට තීරණය  කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ගේ සභාපතිත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේ  මෙම තීරණයට එළඹ තිබේ.

මීට පෙරද ( පසුගිය  10  වැනිදා) මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කෝප් කමිටුවට කැඳවා තිබිණි.  එදින අදාල විමසීම්වලට කාලය ප්‍රමාණවත් නොවීම නිසා සාකච්ඡා කිරීමට නොහැකි කරුණු කිහිපයක් මෙහිදී අවධානයට යොමු විය.

විශේෂයෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයට අයත් මිලදීගැනීම්, බෙදාහැරීම් සහ ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඉදිරිපත්වන කරුණු සම්බන්ධයෙන් පරස්පරතාවක් පෙනෙන බව පැමිණ සිටි සාමාජික මන්ත්‍රීවරු පෙන්වාදුන්හ.


මේ නිසා ජනන සැලැස්ම ඇතුළු සියලු කාරණු පිළිබඳ  සොයා බැලීමට  තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස පාර්ලිමේන්තුව සහ කථානායකවරයා දැනුවත් කරන ලෙස එම මන්ත්‍රීවරු කෝප් කමිටු සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ පිළිබඳ සොයාබැලීම සඳහා කෝප් කමිටුවට විශේෂයෙන් රැස්වීමට හැකි බවයි.

මේ නිසා වඩාත් හොඳින් මේ පිළිබඳ සොයාබැලීමට හැකියාව ලැබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පැමිණ සිටි මන්ත්‍රීවරුන්ද ඊට එකඟ වූ අතර මේ පිළිබඳව සොයාබැලීමට කෝප් කමිටුව ඉදිරියේදී විශේෂයෙන් රැස්වීමට තීරණය විය.

Exit mobile version