විදුලිබල ඇමතිගෙන් අඩු ආදායම් ලාභීන්ට ලබන සතියේ සිට නොමිලේ සූර්යකෝෂ!

“වොට් 05, 10, 15 ප්‍රමාණවලින් වහළයේ ඉඩ ප්‍රමාණය අනුව  සූර්ය කෝෂ නොමිලේ හයි කරනවා...“ විදුලිබල ඇමති...

Solar panels and satellite dishes are installed on ancient tiled roofs in the slums of Ankara, Turkey. Garbage and old roofs of huts against the background of a panorama of a modern Turkish city

අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් නොමිලයේ සූර්ය කෝෂ බෙදා දීමට ලබන සතියේ සිට කටයුතු කරන බව විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ කියයි.

ඇමතිවරයා පවසන්නේ එම වැඩපිළිවෙල දැනටමත් සූදානම් කර කැබිනට් අනුමැතියත් ඒ සඳහා ලබාගෙන ඇති බවය.

“ අපි දැනටමත් වැඩපිළිවෙළක් සැලසුම් කරලා තියනවා. ඊට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ලබන සුමානෙ අපි වැඩසටහන පටන් ගන්නවා. අඩු ආදායම් ලාභීන්ට වොට් 05, 10, 15 ප්‍රමාණවලින් ඒ අයගේ වහළයේ ඉඩ ප්‍රමාණය අනුව  සූර්ය කෝෂ නොමිලේ හයි කරන්වා.. “


“නොමිලේ හයි කරනවා පමණක් නොවෙයි, වොට් 05 කෙනෙකුට මාසයකට රුපියල් 1500ක් විතර මුදලකුත් ගෙවන්න බලාපොරොත්තු වෙනවා.“

“ඊලඟට අපි අවුරුදු 10ක් ගියාම මාසෙකට රුපියල් දස දහසක් පමණ අතට ලැබෙන වැඩපිළිවෙළක් අපි දහනවා. ඒ වගේම සිද්ධස්ථානවලටත් අපි සූර්යකෝෂ හයිකරන්න බලාපොරොත්තු වෙනවා. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ගරු අග්‍රාමාත්‍යතුමා පටන් අරන්  සෑම ග්‍රාමසේවා කොට්ඨාසයකටම එක නිවාසයක් හැටියට නිවාස 14000ක් හරිගස්සලා තියනවා. පළමුව අපි පටන් ගන්නේ මේ නිවාසවලට විදුලිය දීලා .“

Exit mobile version