විග්නේස්වරන් යළි ටී.එන්.ඒ සමග එක්වෙයි…

සිංහල බෞද්ධ බලවේගයට එරෙහිව දෙමළ ජනතාවගේ අයිතිය තහවුරු කිරීම අභිලාෂය ලු...

දිනසේන රතුගමගේ –

තමන් දෙමළ ජාතික සන්ධානය හැර ගොස් වෙනම දේශපාලන ප්‍රවාහයකට එකතු වූවද දෙමළ ජනතාවගේ අයිතිවාඅසිකම් දිනා ගැනීම සඳහා ඉදිරි කාලයේදී දෙමළ ජාතික සන්ධානයට සහය දෙන බව උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ඊයේ ( 8 ) යාපනයේදී නිවේදනයක් නිකුත් කරමින්  සඳහන් කොට තිබේ.

තමිල් මක්කල් දේශීය කූට්ටනි පක්ෂයෙන් තරග කොට මෙවර මහ මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධුරයක් හිමිකරගත් විග්නේස්වරන් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව දැණුම් දී තිබේ.

මේ අවස්ථාවේදී දෙමළ පක්ෂයක නායකයෙකු වශයෙන් තමන්ට එවැනි තීරණයක් ගැනීමට සිදුව ඇත්තේ  ඉදිරියේදී මේ රට සිංහල බෞද්ධ බලවේගයක් දිශාවට ගමන් කිරීමත් සමගම දෙමළ ජනයාට කිසිදු අයිතිවාසිකමක් නොලැබෙන නිසා යැයිද ඔහු පවසයි.


දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට තමන් එදා සිටම කටයුතු කළ ආකාරයට ඉදිරියටත් කටයුතු කරණ බව  පවසන විග්නේස්වරන්  දෙමළ ජාතික සන්ධානයේ තමන් සිටි කාලවකවානුවේදී දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒකළ රජයට ඉදිරිපත්  කරණ ලද යෝජනා කෙරෙහි දෙමළ ජාතික සන්ධානයේ අවධානය යොමු කරවන බවද සිය නිවේදනයේ සඳහන් කොට තිබේ.

මේ යෝජනාවලිය උතුරු පළාත් සභාවට ඉදිරිපත් කොට ඒකමතිකව සම්මත වීමෙන් පසුව  රජයට බාර දී ඇති නිසා මේ අවස්ථාවේදී දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අලුතින් යෝජනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බවද විග්නේස්වරන් සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ උත්සාහයේදී අතීතයේදී මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ලබා  ගන්නා බවද  දෙමළ ජාතික සන්ධානයටද මේ පිළිබඳව දැණුම් දෙන බවද තමිල් මක්කල් දේශීය කූට්ටනි පක්ෂයේ නායකයා වශයෙන් සී.වී.විග්නේස්වරන් නිකුත් කොට ඇති නිවේදනයේ සඳහන් කොට ඇත.

Exit mobile version