විග්නේස්වරන්ගේ අපේක්ෂකයෙක් මැතිවරණ පත්‍රිකාවල ප්‍රභාකරන්ව දාලා

හිටපු උතුරු පළාත් මහ ඇමති සී.වී විග්නේෂ්වරන්  නායකත්වය දරන දමිල් මක්කල් තේසීය කූට්ටාමි පක්ෂයේ මඩකලපු දිස්ත්‍රික් මහමැතිවරණ අපේක්ෂකයකු තම ප්‍රචාරණ පත්‍රිකාවට මිය ගිය කොටි ත්‍රස්ත නායක ප්‍රභාකරන් ගේ ඡායාරූපයක් භාවිත කර ඇති බව වාර්තා වේ.

සුවිකරන් නිශාන්තන් නැමැති මෙම  අපේක්ෂකයා විසින් ගෙයින් ගෙට බෙදා හැරීම සඳහා මුද්‍රණය කොට ඇති මෙම අත්පතික්‍රකාවේ එක් ඡායාරූපයක තවත් පුද්ගලයකු සමඟ පෙනී සිටින අතර එහි පසුබිමේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක්ද පවතින බව ලංකාසරට වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිටත් නිශාන්තන් නැමැති අපෙක්ෂකයා තම මැතිවරණ ප්‍රචාරණකටයුතුවලදී මෙම අත්පත්‍රිකාව මඩකලපුව ජනතාව අතර බෙදා දී ඇතත් ඔහු සම්බන්ධයෙන් මේ වනවතුරුත් අදාළ නීතිය ක්‍රියාත්මක අංශ කරන පියවරක් ගත්තේද යන්න වාර්තා නොවේ.


Exit mobile version