දිනසේන රතුගමගේ –
සී.වී. විග්නේස්වරන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානයෙන් හිටපු මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මන්ත්‍රීවරයාව ඊයේ (7) කිරීමත් සමග දෙමළ ජනතා සන්ධානය දෙකඩ වීම සිදුවනු ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එම්.කේ ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා කාලයක්ම දෙමළ ජාතික සන්ධානය සමග සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ අයෙකි.
පසුව විග්නේස්වරන් මන්ත්‍රීවරයාගේ පක්ෂය සමග එක් වී එහි මහ ලේකම් ධූරයේ කටයුතු කරනු ලැබීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි හමුවීමට යාමට පෙර දෙමළ දේශපාලන පක්ෂ විසින් ඉන්දීය අගමැති වරයාට ලිපියක් යවමින් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කොට එය ක්‍රියාවට නංවන ලෙස ලිපියක් මගින් ඉල්ලීමක් කොට තිබුණි.
එදා 13 වෙනි ආණ්ඩුක්ර ව්‍යවස්ථා සංශෝධනය වර්ථමානයට නොගැලපෙන නිසා එහි සඳහන් කරුණු සංශෝධනය කිරීමක්ද පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ලබා දෙන ලෙසද එම ලිපිය මගින් ඉල්ලා තිබුණි.
නමුත් ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා තනිවම ලිපියක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට හා රනිල් වික්‍රමසිංහ ජනධිපතිවරයාට යවමින් ඉල්ලා තිබුණේ උතූරු නගෙනහිර එකාබද්ධ කිරීම සඳහාත් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සඳහාත් ජනමත විචාරණයක් පැවැත්වීම කාලෝචිත බවය.
ඒ නිසා ජනමත විචාරණයක් පවත්වන ලෙසද එම ලිපිය මගින් දෙරටේ රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා තිබුණි.
ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැනිව යමින් අත්තනෝමතික ලෙස කටයුතු කළේ යැයි දෙමළ ජනතා සන්ධාන පක්ෂය තීරණය කොට ශිවාජිලිංගම්ට ඉල්ලා අස්වන ලෙස මීට දින තුනකට පෙර දැණුම් දී ඇත.
නමුත් ඔහු ඉල්ලා අස් නොවීම නිසා පක්ෂයේ මධ්‍යම කාරක සභාව යපනයේදී රැස්වී ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කොට තිබේ.
මේ තීරණයත් සමගම ශිවාජිලිංගම්ට හිතවත් පිරිස් ඔහු වටා එක්වීමට තීරණය කොට ඇති නිසා විග්නේස්වරන් මන්ත්‍රීවරයාගේ දෙමළ ජනතා සන්ධානය දෙකඩ වීමක් ආරම්භ වී තිබේ.