වික්ටෝරියා ජලාශයට මොටර් රථයක් පෙරළෙයි… පුද්ගලයෙක් අතුරුදහන්!

මහනුවර හාරගම ප්‍රදේශයේ දී කාර් රථයක් වික්ටෝරියා ජලාශයට පෙරළී යෑම නිසා පුද්ගලයෙක් අතුරුදහන් වී තවත් දෙදෙනෙක් තුවාල ලබා මහනුවර  මහරෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. අනතුරට ලක් වී ඇත්තේ කේ.ඒ.0644 දරණ  මෝටර් රථය බව පොලිසිය කියයි.

තුවාල සහිතව රෝහල්ගත කර ඇත්තේ ගුරුදෙනිය මාලිගාතැන්නේ පදිංචි ඉසුරු සුරංජිත් (29) සහ  රත්නපුර නවගරයේ පදිංචි රුක්මන් සූරියබණ්ඩාර (49) නැමැති පුද්ගලයින් දෙදෙනාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අතුරුදහන් වූ අය සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.


Exit mobile version