දිනසේන රතුගමගේ –
යාපනයේ අරියාලේ ප්රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ වැලි ජාවාරම්කරුවන්ගේ ටැක්ටරයකට 24 දා පොලිස් නිලධාරීන් පිරිසක් වෙඩි තබා එය නතර කරවා ගෙන තිබේ.
අනවසර වැලි ජාවාරම්කරුවන් පිරිසක් වැලි පටවන බවට යාපනය පොලීසියට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් පිරිසක් එහි යමින් සිටියදී අරියාලේ ප්රදේශයේ කැළයක් මැදින් වැලි පටවා ගත් ටැක්ටරය පැමිණ තිබේ.
තිදෙනෙකු ගමන් කරමින් සිටි එම වැලි පටවා ගත් ට්රැක්ටරයට නවතින ලෙස පොලීසිය සංඥා කොට ඇතත් ට්රැක්ටරයට නොනවත්වා ධාවනය කරවීම නිසා පොලිස් නිලධාරින් ඊට වෙඩි තබා ඇත.
ටැක්ටරයේ සිටි පුද්ගලයින් තුන් දෙනෙකු ට්රැක්ටරය අතහැර පලා ගොස් ඇති අතර පොලීසිය විසින් එම ට්රැක්ටරය අත් අඩංගුවට ගෙන තිබේ.
යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.