වැලිගම දේශපාලකයාගේ වත්තේ තිබූ කිලෝ 100 වැඩි කුඩු තොගයක් පන්නලා

විදේශයක සිට මුහුදු මාර්ගයෙන් වැලිගම මිදිගම ප්‍රදේශයට ගෙනවිත් දේශපාලකයකුට අයත් වත්තේ රහසේ තැන්පත් කර තිබූ කුඩු කිලෝ ග්‍රෑම් සියයකට අධික ප්‍රමාණයක් පසුගියදා යුධ හමුදා වෑන් රථයක් හෙරොයින් තොගයක් සමඟ හොරණ දී අත්අඩංගුවට පත් වීමත් සමඟ එතැනින් ඉවත් කරගන ඇති බව අනාවරණය වෙයි.

දොස්තරවත්ත ලෙසින් හැඳින්වෙන වැලිගම නාකන්ද ප්‍රදේශයේ පිහිටි මෙම වත්තේ මුරකරු මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී මේ බව අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු විසින් අනාවරණය කරනු ලැබ  ඇත්තේ පසුගිය 25 වැනිදා පානදුර වලාන දූෂණ  මර්දන ඒකකයෙන් යුද හමුදා වෑන් රථය අත්අඩංගුවට පත්වීමෙන් පසුව අදාළ ජාවාරම්කරුවන් විසින් මෙම මත්කුඩු තොගය බහලුම් තුනක බහා ගෙන ගිය බවකි. මෙම මත්දුව්‍ය ප්ලාස්ටික් බැරලවල බහා සඟවා ඇත්තේ මුරකරුගේ සහය ලබා ගනිමින් බව පැවසෙන අතර 33 හැවිරිදි වතු මුරකරුවා මේ වනවිට අත්අඩංගුවේ පසුවෙයි.


වැලිගම මිදිගම ප්‍රදේශයේ පදිංචිව සිටි දැනට විදේශගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන රුවන් නඳුන් චින්තක හෙවත් හරක් කටා ලෙසින් හඳුන්වන පුද්ගලයා විසින් ඔහුගේ ගෝල බාලයින් මෙම මුරකරු මාර්ගයෙන් වත්තට යවා එහි පොළොව යට වැළලු ප්ලාස්ටික් බැරල්වල මෙම කුඩු රහසිගතව තාවකාලිව ගබඩා කර ඇති බවට හෙළිව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිදු කරන ලද විමර්ශනයේදී මෙම ප්ලාස්ටික් බැරල් හමුවී ඇතත් එහි සඟවා තැබූ කුඩු ඉවත් කර තිබී ඇත.

Exit mobile version